hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 මාර්තු 09, ප.ව. 2:40



කැනඩාවේ ඔටාවා ප්‍රාන්තයේදී ඝාතනයට ලක් වූ ශ්‍රී ලාංකික පවුල සම්බන්ධයෙන් මේ වනවිට ලොව පුරා අවධානය යොමුව තිබෙනවා.

මේ අතරම මෙම ඝාතනයට ලක් වූ දරුවන්ගේ සහ කාන්තාවගේ සැමියා වන ධනුෂ්ක මේ වනවිටත් එරට රෝහලක ප්‍රතිකාර ලබන බවටයි මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම අපරාධය සම්බන්ධව ධනුෂ්කගේ ප්‍රදේශවාසීන්ද කම්පනයට ලක්ව තිබෙනවා.මේ අතරම ඝාතනයට ලක් වූ පවුල සහ ධනුෂ්ක ගැන ඔහුගේ අසල්වාසීන් අදහස් දක්වා තිබුණා.

ඇන්ටනී නම් පුද්ගලයකු පවසා තිබුණේ ” මම දැකලා තියෙනවා ඔවුන් ඉතාමත් සතුටින් ඇවිදිනවා , එයාලට ලොකු සිහින සහ බලාපොරොත්තු තියෙන්න ඇති”

බෞද්ධ ආරාමයේ නේවාසික භික්ෂුවක් මෙම පවුල සම්බන්ධව ප්‍රකාශයක් සිදූ කර තිබුණා.

“ඔවුන් අහිංසකයි වගේම ගොඩක් උදව් කරන මිනිස්සු. .”

උන්වහන්සේ බ්‍රහස්පතින්දා උදේ ධනුෂ්ක බැලීමට රෝහලට ගිය බවත් ඔහුගේ අතේ ඇඟිල්ලක එක කොටසක් ඉවත් කර ඇති බවත් ඔහුගේ මුහුණේ සහ පිටේ කැපුම් තුවාල ඇති බවටත් උන්වහන්සේ ප්‍රකාශ කර තිබුණා.

“මට කියන්න බෑ එයා හොඳින් ඉන්නවා කියලා. ඒත් අපි හිතුවට වඩා එයා ටිකක් ශක්තිමත්”

Uber රථ රියදුරුකු ලෙසත් රැකියාව කර ඇති ඔහු හිලාල් අහමඩ් නම් ගණකාධිකාරීවරයකු යටතේ පොත් තබන්නකු ලෙසද කටයුතු කර ඇති බවට විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: