hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 මාර්තු 09, ප.ව. 8:28



කැනඩාවේ ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකික පවුලේ දිවි බේරා ගනු ලැබු ධනුෂ්ක වික්‍රමසිංහ ප්‍රහාරයෙන් දැඩි ලෙස තුවාල ලබා ඇති අතර ඔහු ඊයේ (08) සැත්කමක් සඳහා ද යොමුකර තිබෙනවා.

එම ප්‍රහාරයෙන් ධනුෂ්කගේ අතේ ඇඟිල්ලක් ද අහිමිවී ඇති බව වාර්තා වෙනවා.

ඇල්ගොන්ක්වින් විද්‍යාලයට ඇතුළත්ව උසස් අධ්‍යාපනය හැදරූ ෆ්‍රෑන්ක් එහිදි ඝාතන සිදුවීමෙන් තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබන ධනුෂ්ක වික්‍රමසිංහ හඳුනාගෙන තිබෙනවා.

“ධනුෂ්කගේ පවුලේ සමාජිකයින් ඔටාවා වෙත පැමිණියාට පසු, ධනුෂ්ක ජිවත්වුණු බෙරිගැන් ඩ්‍රයිව් නිවසේ පදිංචියට ගියේ ඒ හැඳුනුම්කම මතයි.” 

කෙසේවෙතත් ධනුෂ්කගේ නිවසේ පදිංචියට යාමට පෙර ෆ්‍රෑන්ක් ඔටාවා හී තවත් ඥාතියෙකුගේ නිවසක වාසය කර ඇති බව ද නැන්දණිය පවසයි. 

ඇය පෙන්වා දෙන්නේ, පසුකාලීනව සිය ඥාතීන් සියලුදෙනා මගහැරි ෆ්‍රෑන්ක් ධනුෂ්කගේ නිවසේ වාසය කිරීමට ගොස් ඇති බවය. 

“ඔහු අවුරුද්දකට පෙර අපි සමඟ ඇති සබඳතා සියල්ල නතර කළා. දුරකථන අංක සබඳතා සියල්ල අවහිර කළා, ඒ වගේම සමාජ මාධ්‍ය තුළ පවා ඔහු අපිව ඉවත් කළා. ඔහුගේ ජිවිතයෙන් අපිව අවහිර කර දැම්මා. මම කවදාවත් හීනයකින්වත් මේ වගේ දෙයක් නම් හිතුවේ නැහැ.”

මේ අතර දැඩි කැපුම් තුවාල සහිතව රෝහල්ගතව සිටින ධනුෂ්කගේ  එක් අතක ඇඟිල්ලක් සම්පූර්ණයෙන් වෙන්ව ගොස් ඇති බව ඔහුගේ සුවදුක් විමසා බැලූ ඔටාවාහී හිල්ඩා ජයවර්ධනාරාම විහාරස්ථානයේ පූජ්‍ය සූනිත හිමියන් පවසයි. 

ඔටාවාහී හිල්ඩා ජයවර්ධනාරාම විහාරස්ථානයේ පූජ්‍ය සූනිත හිමියන්,

“ඔහුගේ මැද ඇඟිල්ල සම්පූර්ණයෙන්ම කැපීමෙන් ඉවත්වෙලා, අනෙක් ඇඟිල්ලට ප්‍රතිකාර කරනවා. ඒ වගේම ඔහුගේ ඇගේ පිටුපස හා ඉදිරිපසට තුවාල සිදුව තිබෙනවා. ඔහුගේ මුහුණේ නාසයට සහ ඇස අතර කොටසේ විශාල කැපුම් පහරක් පවතිනවා.”

තම බිරිඳ ඇතුළු දරුවන් ඝාතනයට ලක්කළ බවට පැවසෙන සැකකරු පිළිබඳවත් අනුකම්පා සහගතව බැලිය යුතු බව ධනුෂ්ක රෝහලේ සිට පවසා ඇත.

“මගේ ජීවිතය විනාශ වුණා. නමුත් අපරාධය සිදුකළ පුද්ගලයාත් තරුණයෙක්. ඒ නිසා ඔහු පිළිබඳවත් සැලකිලිමත් විය යුතු බව ඔහු පැවසුවා.” යැයි කැනේඩියානු බෞද්ධ කොංග්‍රසයේ අධ්‍යක්ෂ නාරද කොඩිතුවක්කු පවසා තිබුණි.

එමෙන්ම වික්‍රමසිංහ පවුල පදිංචිව සිටි නිවසේ හිමිකරු වන හර්ප්‍රීත් චාබ්රා ද ඝාතන සිදුවීම සම්බන්ධයෙන් කැනඩා මාධ්‍යයට අදහස් පළකළේය. 

“මම මේ ෆ්‍රෑන්ක් ද සොයිසා කියන පුද්ගලයාව දන්නේ නැහැ. මම මේ නිවස කුලියට ලබාදුන්නේ මේ පවුලේ අයට පමණයි. මම මේ පුද්ගලයා මොවුන් සමග ජිවත්වුණාද කියලා දන්නේ නැහැ. ඒ වගේම අමරකොන් කියන පුද්ගලයාත් මෙම නිවසේ ජීවත් වුණා ද කියලත් මම දන්නේ නැහැ.”

නිවසේ හිමිකරු වැඩිදුරටත් පවසන්නේ පසුගිය සරත් සමයේදී පිරිස මෙම නිවසේ පදිංචියට පැමිණි බවය. 

“ධනුෂ්ක ඉතා කරුණාවන්ත හොඳ පුද්ගලයෙක් ඔහු නිසි වේලාවට නිවසේ කුලිය ගෙව්වා වගේම මේ නිවසත් හොඳින් රැකබලා ගත්තා.”

“ඇත්තටම මට මේ සිදුවීම ගැන කියන්න චචන නැහැ, මම කම්පනයට පත්වෙලා වගේම මේ පවුල පිළිබඳව ලොකු කණගාටුවක් ඇතිවෙනවා.” 

සය පුද්ගල ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ඔටාවා පොලිසියේ අත්අඩංගුවේ පසුවන ෆ්‍රෑන්ක් ද සොයිසා ලබන 14වැනිදා නැවත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: