hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 මාර්තු 09, පෙ.ව. 12:03



මේ සිද්ධිය දැන් අතීතයට එක්වෙලා.. ඒත් ඒ ජීවිතවලට පණ දෙන්න ආයේ කාටවත්ම බැහැ.

මේ කියන්නේ ඒ ගැන කතාවක්.

මීට මාස හයකට කළින් ඇගේ දියණියත් දරුවන් එක්ක මේ රටට යන්න ඇත්තේ දහසක් බලාපොරොත්තු දරාගෙනයි.

ඒත් ඒ පුංචි දරුවන්ගේ මූණ‍යේ කවදාවත් ඇයට දැකගන්න වෙන්නේ නැති වේවි.

මේ කියන්නේ අන්න ඒ ගැන කතාවක්.

කැනඩාවේ අගනුවර වන ඔටාවා හි බාර්හෙවන් ප්‍රදේශයේ හයදෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලාංකික පවුලක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු රැසක් ආරක්ෂක අංශ මගින් අනාවරණ කරගනිමින් සිටින බව එරට අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ ප්‍රකාශ කළා.

19 හැවිරිදි ශ්‍රී ලාංකික සිසුවෙකු විසින් මෙලෙස ඝාතනය කර තිබුණේ 35 හැවිරිදි මවක වන දර්ශනී ඒකනායක, වයස අවුරුදු හත, හතර, දෙක සහ මාස දෙකක් වයසැති ඇගේ දරුවන් හතරදෙනායි.

සිද්ධියෙන් පියා බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

එමෙන්ම ඔවුන් සමග අදාළ නිවසේ වාසය කළ 40 හැවිරිදි ගාමිණී අමරකෝන් නැමැත්තෙකුද මෙහිදී ඝාතනයට ලක්ව තිබුණා.

මියගිය කාන්තාව පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචිකාරියක්.

තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතන සිදුකර තිබූ අතර, අත්අඩංගුවට ගත් 19 හැවිරිදි සැකකරු ෆෙබි්‍රයෝ ද සොයිසා ලෙස හඳුනාගෙන තිබෙනවා.

සිද්ධිය වූ නිවසේ සිට කිලෝමීටර 15 ක දුරකදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබූ අතර, ඔහු මියගිය පවුලේ සමීපතමයෙකු ලෙස කටයුතු කර ඇති බවයි වාර්තාවන්නේ.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර, ඊට අදාළ නඩුව ලබන 14 වනදා යළි කැඳවීමට නියමිතයි.

මෙම ඝාතනයට හේතුව මෙතෙක් නිශ්චිත ලෙස හඳුනාගෙන නොමැති බවයි සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන ඔටාවා පොලිසිය පවසන්නේ.


මියගිය පිරිස් මෑතකදී කැනඩාවට පැමිණි අය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙය ඔටාවා නගර ඉතිහාසයේ සිදුවූ දරුණුතම සමූල ඝාතනය ලෙස විදෙස් මාධ්‍ය හඳුන්වාදී තිබෙනවා..





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: