hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 දෙසැම්‍බර් 25, ප.ව. 4:08



කළුබෝවිල ශික්ෂණ රෝහලේ දැඩි සිත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින ජනප්‍රිය ගායන ශිල්පි චාමර වීරසිංහ මහතා තවත් කෙටි කලක් එම රෝහලේ ප්‍රතිකාර ගැනීමට සිදුවනු ඇති බව රෝහල් අධ්‍යක්ෂවරිය සඳහන් කරයි.

පසුගිය 17 වන දා කළුබෝවිල රෝහල දැඩි සත්කාර ඒකකයට චාමර වීරසිංහ මහතා ඇතුළත් කර තිබිණ.

ඔහුට මේ වන විට නියුමෝනියා රෝගී තත්ත්වය පවතින බවත් ඔහුට තවත් පරීක්ෂණ කිහිපයක් සිදුකර ඇති බවත් අධ්‍යක්‍ෂවරිය පැවසුවා.

ඔහු තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලැබිය යුතු බැවින් ටික කලක් රෝහල්ගතව සිටින්නට සිදුවනු ඇති බවත් ඇය තවදුරටත් කියා සිටියා.

චාමර වෙනුවෙන් පැවැත්වුණු බෝධි පූජාමය පිංකමෙන් අනතුරුව ඇය මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණා.

‘අපි පවත්වපු පූජාව හොඳටම වුණා. නිරෝෂන් අයියා ඇතුළු රසික රසිකාවියන් එකතු වෙලා, වැඩේ කරලා දුන්නා. ඒ හැමෝටම ගොඩක් පින් කියලා තමයි කියන්නෙ….’

‘චාමර හෙමින් සුව වෙමින් ඉන්නවා. කියන්න තරම් අපහසුතාවයක් නෑ. මම හිතන්නෙ එයා රටේ ජනතාව පිනවපු විදිහට එයා ඉක්මණින් සනීප වෙයි…’

‘ආදරෙයි තමයි, හැබැයි රෝහලේ කාර්ය මණ්ඩලයට කරදර කරන්න එපා. දවසකට දුරකතන ඇමතුම් 1000කට වැඩිය එනවා, බලන්න පෝලිමේ ඉන්නවා. හැබැයි චාමර අයියා බලන්න යන්‌න දෙන්නෙ ආදරණීය බිරිඳට විතරයි. චාමර අයියව බලන්න ආවේ නෑ කියලා අපි තරහා වෙන්නෙ නෑ… ඒ නිසා ඉක්මණින් ඔහුට සුව පතන්න..’





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: