hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 ජනවාරි 28, පෙ.ව. 12:02



චාමර වීරසිංහය කියන්නේ ලංකාවේ සියලුම දෙනා ආදරය කරන හදවතේ ගායකයා.කොයි තරම් ප්‍රේක්ෂක ආදරය ලැබුණත් නිහතමානීව ඒ සියලුම දේ පිළිගන්නා ඔහුට ඇත්තටම ගායකයෙක් විදිහට ඔහු අද ඉන්න තත්ත්වය පිළිබඳව නිහතමානීව ආඩම්බර වෙන්න පුළුවන්.

චාමර ගැන කතා කරද්දි පසුගිය දවසක ඔහු පිළිබඳව වැඩි වශයෙන් කතාබහ කරන්න පටන් ගත්තේ චාමර හදිසියේම අසනීප වෙලා රෝහල් ගත කිරීම නිසයි.ඔහු ටික කාලයක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබුවා තවමත් ප්‍රතිකාර ලබන ගමන්.

ඉතින් චාමරගේ සුවය පතා බොහෝ දෙනෙක් ඔහුට බෝධි පූජා පවත්වන්නත් අමතක කරේ නෑ. ඒ ආගමික කටයුතු ලංකාව පුරාම සිද්ධ වෙද්දී චාමර තමන්ගේ රසිකයන් වෙනුවෙන් සමාජ මාධ්‍ය ගිණුමට සටහනක් එකතු කරලා තිබුණා. ඉතින් ඔහු ඒ ආකාරයෙන් එකතු කෙරූ සටහන පහතින් දක්වා ඇත.

“චාමර වීරසිංහ මහතා විසින් දැනුම් දෙන ලද පණිවිඩයකි.

දැන් මගේ සෞඛ්‍ය තත්වය තරමක් යහපත්, අසනීප තත්වය හේතුවෙන් දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කළ මොහොතේ සිට මේ දක්වා ප්‍රතිකාර ලබා දුන් සියලු වෛද්‍යවරුන්ටත්, රෝහල් කාර්යමණ්ඩලයේ සැමටත්, බෝධි පූජා පවත්වමින්, ආගමික වතාවත් සිදුකරමින් ඔහු වෙනුවෙන් ආශීර්වාද කරන ලද ගරුතර ස්වාමීන්වහන්සේලා සියලුදෙනාටත්, පූජකතුමන්ලා සැමටත්, සියලුම දෙස්/විදෙස් ආදරණීය රසිකයින් සැමටත් ගෞරවණීය ස්තුතිය ප්‍රකාශ කරන ලද අතර, වෛද්‍ය උපදෙස් අනුව සුළු කාලයක් විවේක සුවයෙන් ගත කිරීම අත්‍යාවශ්‍ය බව පවසා ඇති බැවින්, ඒ සඳහා ඉදිරියේදී විවේකී ස්ථානයකට යාමට බලාපොරොත්තු වන බවත් ඔහු විසින් දැනුම් දෙන ලදී.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: