hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 22, පෙ.ව. 12:02



හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කෙරුණු ප්‍රසිද්ධ ගායන ශිල්පී චාමර වීරසිංහ මහතා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.

ඔහු මේ වනවිට ප්‍රතිකාර ලබන්නේ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ යි.

චාමර වීරසිංහගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව නවතම තොරතුරක් වාර්තා වෙනවා.

ඒ අනුව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ හදවතේ ගායක චාමර වීරසිංහගේ සෞඛ්‍ය තත්ත්වය සුව අතට හැරෙමින් පවතින බවය.

යූටියුබ් වැඩසටහනකට එක්වෙමින් ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා චාමර වීරසිංහගේ වත්මන් තත්ත්වය ගැන මෙසේ අදහස් දක්වා සිටියා.

‘සාමාන්‍යයෙන් පිටරටක නම් ජනප්‍රිය චරිතයක් යම් කිසි කෙනෙක් රෝහල්ගත වුණොත් ඒ කෙනාගේ සුලු හෝ විස්තරයක් මාධ්‍යයට නිකුත් කරනවා. ඔහු හොඳින්, යම් කිසි ප්‍රතිකාර ටිකක් සිද්ධ වෙනවා කියලා හරි. නමුත් අපේ රටේ සමහර අය හිතනවා, ඒ ඉල්ලීමට බැඳිලා නෑ කියලා. ඉතින් ඒ නිසා පවුලේ අය කොහොම කිවුවත්, ඒ ජනප්‍රිය ගායකයාගේ විස්තරයක් නොදීම තුළ රටේ ජනතාව අතර කැළඹීමක් ඇති කරනවා, ඒ කැළඹීම ඔස්සෙ බොරු කතා පැතිරෙනවා….’

‘මම මේ වාක්‍යය ඔයාට කියන්නෙ, කොළඹ ජාතික රෝහලේ කෙනෙක් හැටියට නෙවෙයි. නමුත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදයේ සභාපති වශයෙන්… අහන නිසා කියන්නෙ. චාමර වීරසිංහයන්ට පහුගිය දින කිහිපයකට පෙර හුස්ම ගැනීමේ අපහසුතාවයක් නිසා රෝහල්ගත කරලා තියනවා. එතැන දි තත්ත්වය උත්සන්න වෙලා අයිසීයූ දාලා තියනවා. දැන් ඔහුට කෘතිම ශ්වසනය ලබා දෙනවා. මේ ටික තමයි කියන්න තියෙන්නෙ.. ජනතාව කලබල වෙන්න හොඳ නෑ. මොකද විශේෂඥ වෛද්‍යවරු ඉතාමත් උනන්දුවෙන් මේ ජනප්‍රිය ගායකයාගේ ජීවිතය නැවත යථා තත්ත්වයට ගේන්න කටයුතු කරමින් ඉන්නවා….’





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: