hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2024 ජනවාරි 24, පෙ.ව. 9:27



අසනීප තත්ත්වයේ පසු වන ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ මහතා සිය ෆේස්බුක් පිටුවේ පණිවුඩයක් තබා තිබෙනවා.

තමා වෙනුවෙන් වෙහෙස වී කටයුතු කරන වෛද්‍ය කාර්‍යමණ්ඩලයට හා තමාගේ යහපත ප්‍රාර්ථනා කරන රසික රසිකාවියන් වෙනුවෙන් ඔහු සිය ස්තූතිය ද එහි දී පළ කර ඇත.

කෙටි කාලයක් තමා විවේක ගත යුතු බවත් ඒ සඳහා විවේකී ස්ථානයකට යාමට බලාපොරොත්තු වන බවත් චාමර වීරසිංහ මහතා සඳහන් කර තිබෙනවා.

චාමර වීරසිංහ මහතා සිය ෆේස්බුක් පිටුවේ තබා ඇති සම්පූර්ණ සටහන පහතින්,

චාමර වීරසිංහ මහතා විසින් දැනුම් දෙන ලද පණිවිඩයකි..
දැන් මගේ සෞඛ්‍ය තත්වය තරමක් යහපත්, අසනීප තත්වය හේතුවෙන් දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කළ මොහොතේ සිට මේ දක්වා ප්‍රතිකාර ලබා දුන් සියලු වෛද්‍යවරුන්ටත්, රෝහල් කාර්යමණ්ඩලයේ සැමටත්, බෝධි පූජා පවත්වමින්, ආගමික වතාවත් සිදුකරමින් ඔහු වෙනුවෙන් ආශීර්වාද කරන ලද ගරුතර ස්වාමීන්වහන්සේලා සියලුදෙනාටත්, පූජකතුමන්ලා සැමටත්, සියලුම දෙස්/විදෙස් ආදරණීය රසිකයින් සැමටත් ගෞරවණීය ස්තුතිය ප්‍රකාශ කරන ලද අතර, වෛද්‍ය උපදෙස් අනුව සුළු කාලයක් විවේක සුවයෙන් ගත කිරීම අත්‍යාවශ්‍ය බව පවසා ඇති බැවින්, ඒ සඳහා ඉදිරියේදී විවේකී ස්ථානයකට යාමට බලාපොරොත්තු වන බවත් ඔහු විසින් දැනුම් දෙන ලදී.
~ Admin. R~





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: