hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2024 ජනවාරි 01, ප.ව. 2:39



ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ තවදුරටත් කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ වෛද්‍ය දැඩි සත්කාර ඒකකයේ (MICU) ප්‍රතිකාර ලබන බව එම රෝහල් අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය සාගරී කිරිවන්දෙනිය මහත්මිය පවසනවා.

නිමෝනියා තත්ත්වය හේතුවෙන් රෝහල් ගත කෙරුණු ඒ මහතාගේ පෙනහළුවල ගැටලුවක් මතු වී ඇති බවත් එබැවින් ඔහුට උපරිමයෙන් ප්‍රතිකාර කරන බවත් ඇය සඳහන් කරනවා.

ඔහු වෙන්ටිලේටර් මැෂිමේ ආධාරයෙන් සිටින බවත් ඔහුව බේරා ගැනීම සඳහා වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය උපරිම වෙහෙසක් ගන්නා බවත් රෝහල් අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: