hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 02, ප.ව. 12:27



මෙරට බැඩ්මින්ටන් ඉතිහාසයේ සුවිශේෂී සළකුණක් වන සුපිරි බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්න සිය ක්‍රීඩා දිවියෙන් සමුගන්නා බව පසුගිය දා නිවේදනය කර තිබුණා.

ඔහුගේ එම නිවේදනයත් සමඟ ඔහුට ආදරේ කරන කවුරුත් ස්තුති පූර්වක සුබපැතුම් සටහන් තබන අයුරු අපේ ඇස ගැටුණා.

එවන් සටහන් අතර ඇස් නතර කළ සුවිශේෂී සටහනකි, ඔහුගේ සොයුරු චාමික කරුණාරත්න සිය මුහුණු පොතට එක් කළ ආදරණීය සටහන.

සහෝදරයාගේ දස්කම් ගැන විතරක් ම නෙවෙයි ඔහු සතුව පවත්නා ගුණ ධර්ම ගැනත් සඳහන් කරන්න චාමික අමතක කර තිබුණෙ නෑ.

”අද ශ්‍රී ලංකාව සැබෑ ක්‍රීඩා පුරාවෘත්තයක්වූ මගේ වැඩිමහල් සහෝදරයා වන නිලූක කරුණාරත්නට සමුදෙනවා.

මගේ ජීවිතයේ අනන්තවත් ක්‍රීඩක ක්‍රීඩ්කාවන් හමු වී ඇතත් කිසිවෙකුත් ඔහු දැක්වූ දස්කම් දක්වා නැත.

17 වතාවක් ජාතික බැඩ්මින්ටන් ශූරයෙක්, ඔලිම්පික් තරග 3ක් සහ ගණන් කළ නොහැකි තරම් ජාත්‍යන්තර පදක්කම් ලබාගනිමින් ඔහු අපේ ජාතියට සහ ක්‍රීඩකයන් වන අප සැමට නොමැකෙන සලකුණක් තබා ඇත.

ඔබ බැඩ්මින්ටන් පිටියේ දිදුලන තරුවක් පමණක් නොව මගේ ජීවිතයට මඟ පෙන්වන ආලෝකයක් ද වී ඇත.

ඔබේ විනය, කැපවීම සහ නොසැලෙන සහයෝගය මගේම ක්‍රීඩා ගමන හැඩගස්වා ඇත.

වයස අවුරුදු 14 සිට, ඔබ අන් අයට යම් ඊර්ෂ්‍යාවක් ඇති කළ හැකි පුරුද්දක් අනුගමනය කළා: රාත්‍රී 9:30 ට නින්දට යාම, රාත්‍රියේ පැයක් යාච්ඤා කිරීමට සහ භාවනා කිරීමට අවදි වීම සහ ඔබේ පුහුණුව සඳහා උදේ 6 ට නැඟිටීම.

ඔබේ පුහුණුව, වැඩිදියුණු කිරීම සහ ප්‍රකෘතිමත් වීම යන සෑම අංශයක් සඳහාම කාලය වෙන්කර ගැනීමට ඔබට ඉඩ සලසමින් ඔබ කිසිවිටෙක කිසිම හේතුවක් නිසා මෙම විනයෙන් නොසැලී සිටියා.

මගේ ජීවිතයේ මා දන්නා වෙනත් කිසිදු ක්‍රීඩකයෙකු විසින් මෙතරම් විනයක් සහ අවධානයක් ප්‍රදර්ශනය කරනු මා දැක නැත.

පසුගිය වසර ඇතුළුව එම වසර 22 තුළ ඔබ දිනූ සෑම ජාතික ශූරතාවකම, මම ඔබේ පළමු ඔල්වරසන් දෙන්නා වුණා.

මට වයස අවුරුදු 9 සිට මගේ ඉලක්කය වූයේ මගේ සහෝදරයාට එරෙහිව ජයග්‍රහණය කිරීමයි. අද වන තෙක්ම මගේ කිසිම වැඩිමහල් සහෝදරයෙකුටවත් මටවත් ඔබව පරාජය කිරීමට නොහැකි වුණා.

ඉතින් අද ඔබ විශ්‍රාම යන මොහොත වන තෙක්ම ඔබ තවමත් අපරාජිතයකු වීම ඔබ තුළ තිබූ දැඩි විනයට හොඳම සාක්ෂියකි. ඔබ මගේ ආදර්ශය පමණක් නොව මගේ ක්‍රීඩාවේ දෙවියා විය. මම ක්‍රීඩකයෙක් විදිය ඔබට ණය ගැතියි.

ඔබ ඔබේ ඇදහිය නොහැකි ක්‍රීඩා දිවියෙන් නිල වශයෙන් විශ්‍රාම යන විට, තරුණ දක්ෂයින්ට යෂ්ටිය ලබා දීමට සහ අපේ ජාතියේ අනාගතය පෝෂණය කිරීමට ඔබ තුළ ඇති ආශාව මගේ හදවත ආඩම්බරයෙන් පුරවයි.

ජාතික ඔලිම්පික් කමිටුව හරහා අප රටට සේවය කිරීමට ඔබ දක්වන කැපවීම ශ්‍රී ලංකාව කෙරෙහි ඔබ තුළ පවතින නොනවතින ආදරය පිළිබඳ සාක්ෂියකි.

ඔබේ වසර 22ක බැඩ්මින්ටන් දිවිය පුරාවටම අපේ දෙමව්පියෝ ඔබ ළඟින් සිටි අතර ඔබ දිගින් දිගටම අප සියළුදෙනාටත් මටත් සහයෝගය ලබා දෙනවා. ඔබේ උරුමය පදක්කම් සහ කුසලාන පමණක් නොව ඔබ අපේ පවුල තුළ ඇති කළ සාරධර්ම තුළත් පවතී.

ඔබ අපමණ කැපකිරීම් කර ඇති අතර ඔබේ ජීවිතය පුරාවටම කැපවීමෙන් හා විනයගරුකව ඔබේ ක්‍රීඩාව හඹායමින් අපේ ජාතියට අභිමානයක් ගෙනදුන්නා.

කරුණාරත්න සහෝදරයන් වන අප කිසිවකුට ඔබ මේ වසර ගණනාව පුරා පෙන්වූ විනයෙන් 10%ක්වත් තිබුණේ නැත.

නමුත් අද, මම ඔබට පොරොන්දු වෙනවා, මම වෙනස් ආකාරයක ක්‍රීඩකයෙක්, ඔබ අනුමත කරන ක්‍රීඩකයෙක් වෙනවා.

මම මෙතැන් සිට ඔබේ විනය සහ කැපවීම භාරගෙන එය ඔබ වෙනුවෙන් ඉදිරියට ගෙන යන්නෙමි.

මම දන්නවා එය තමයි මට ඔබට දෙන්න පුළුවන් ලොකුම තෑග්ග, ඔබට සතුට ගෙන දිය හැකි එකම දෙය.

මම කවදාවත් ඔබත් අපේ රටත් පහත් කරන්නෙ නැහැ.

එය ඔබ වෙනුවෙන් සහ ඔබ අප රට වෙනුවෙන් ගොඩනඟා ගත් උරුමයට පොරොන්දුවකි.

මම ඔබට ආදරෙයි, මගේ සහෝදරයා, ඔබ අප වෙනුවෙන්, අපේ ජාතිය වෙනුවෙන් කළ සියල්ලට සහ ඔබ ඇදහිය නොහැකි ආදර්ශය වීම ගැන මම අතිශයින් කෘතඥ වෙනවා.

ඔබේ ක්‍රීඩා උරුමය සදහටම පවතිනු ඇත.

NK





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: