hit counter

2024 මැයි මස 20 වන සඳුදා

2024 මැයි 09, පෙ.ව. 12:04



චන්දිමාල් කියලා කිව්වහම මේ වෙද්දි නොදන්න කෙනෙක් නෑ.

වෘත්තියෙන් රූපලාවණ්‍ය ශිල්පියෙක් වන චන්දිමාල් මේ වෙද්දි සල්ලි යහමින් තියෙන පුද්ගලයෙක් කිව්වත් නිවැරදියි. 

ඒ විතරක් නෙවෙයි මේ වන විට තවමත් තරුණ වියේ පසුවෙන ඔහු රූපලාවණ්‍ය ශිල්පියෙක් විදිහට ජාත්‍යන්තරය ජය ගෙන අවසන්.

ශ්‍රී ලංකාවේ විවිධ රූප රාජිනිය තරඟාවලි ඔහුගේ යටතේ සංවිධානය වෙනවා.

විශ්ව රූ රැජින තරඟය තරගය මූලිකත්වය අරගෙන කරන්නේ චන්දිමාල්.

ඔහු එතරම්ම බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වෙන්නේ වසරක් පාසා ඔහුගේ ජන්ම දිනය වෙනුවෙන් පැවැත්වෙන රාජකීය උපන්දින සාදය නිසයි.

මෙරට විතරක් නෙවෙයි, චන්දිමාල්ට ඇති ජාත්‍යන්තර පිළිගැනීමත් සැලකිය යුතු මට්ටමේ පවතින්නක්.

එයාකාරයෙන් සිය නමට වටිනාකමක් එක්කාසු කරගත් ඔහු, ඊයේ රාත්‍රියේ දෙවන වරටත් සම්මානයට පාත්‍ර වුණා.

ඒ, Sri Lanka Wedding Awards 2023 හි වසරේ ජනප්‍රියම රූපලාවණ්‍ය ශිල්පියා හැටියට.

සම්මානය ගත් පසු ඔහු සිය සතුට මෙලෙස වචන කර තිබුණා.

”මගේ සමිමානය ඔබේ ආදරයයි ආදරනිය හැම හදවතකටම ස්තුතිය…! CJ

දෙවන ජනප්‍රියතම සම්මානය”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: