hit counter

2024 මැයි මස 01 වන බදාදා

2023 සැප්‍තැම්‍බර් 15, ප.ව. 11:15



චන්දිමාල් කියලා කිව්වහම මේ වෙද්දි නොදන්න කෙනෙක් නෑ.

ඔහු එතරම්ම බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වෙන්නේ වසරක් පාසා ඔහුගේ ජන්ම දිනය වෙනුවෙන් පැවැත්වෙන රාජකීය උපන්දින සාදය නිසයි.

වෘත්තියෙන් රූපලාවණ්‍ය ශිල්පියෙක් වන චන්දිමාල් මේ වෙද්දි සල්ලි යහමින් තියෙන පුද්ගලයෙක් කිව්වත් නිවැරදියි. 

ඒ විතරක් නෙවෙයි මේ වන විට තවමත් තරුණ වියේ පසුවෙන ඔහු රූපලාවණ්‍ය ශිල්පියෙක් විදිහට ජාත්‍යන්තරය ජය ගෙන අවසන්.

ශ්‍රී ලංකාවේ විවිධ රූප රාජිනිය තරඟාවලි ඔහුගේ යටතේ සංවිධානය වෙනවා.

විශ්ව රූ රැජින තරඟය තරගය මූලිකත්වය අරගෙන කරන්නේ චන්දිමාල්.

ශ්‍රී ලංකා විවාහක රූ රැජින 2023 තරඟාවලියේ අවසාන මහා තරඟය පසුගියදා කොළඹ නෙළුම් පොකුණ රඟහල් පරිශ්‍රයේ දී පැවැත්වුණා.

ඒ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 2022 – ලෝක විවාහක රූ රැජින ඉන්දීය ජාතික සර්ගම් කවුෂාල් (Sargam Kaushal) මහත්මිය ද සහභාගී වීම විශේෂත්වයක්.

මෙවර 2023 ශ්‍රී ලංකා විවාහක රූ රැජින බවට පත් වූයේ ලක්ෂානි අබේසිංහයි.

එම අවස්ථාවේ ජායාරූපයක් චන්දිමාල් ජයසිංහ සිය මුහුණුපොතට එකතු කරන්නේ හරි අපූරු සටහනක් ද තබමින්.

එදාත් මේ වගේ උනානම් කොච්චර ලස්සනද අපිට තව හුගාක් දේවල් අපේ රටට ගෙනත් ලෝකෙටම පෙන්නන්න තිබුනා…! 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: