hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 නොවැම්‍බර් 09, පෙ.ව. 10:53



මේ දවස්වල ක්‍රිකට් කියන්නේ ආන්දෝලනාත්මක මාතෘකාවක් කිව්වොත් හරි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නිර්ලජ්ජිත පරාජය හමුවේ ප්‍රේක්ෂකයන්ට ක්‍රිකට් ක්‍රීඩාවම එපා වී ගිය සොබාවයක් තමයි පේන්න තියෙන්නේ.

ක්‍රිකට් ආයතනයට අතුරු තහනම් කමිටුවක් පත් කළාට ඒක ලප් තැනම ලොප් වුණා.

ඒ විතරක් නෙවෙයි පාර්ලිමේන්තුවේ ඊයේ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ආන්දෝලනාත්මක ප්‍රකාශයන් රැසක් සිදු කළා.

එහිදී රොෂාන් රණසිංහ ජනාධිපතිවරයාට කියා සිටියේ තමන්ව හෝ සූදු ශම්මිව තෝරා ගන්නා ලෙසයි.

මේ වෙනකොට හැමෝගෙම මාතෘකාවක් බවට පත් වූ ක්‍රිකට් නිසා එකම ක්ෂේත්‍රයේ දෙන්නෙක් ඇවිලෙන ආකාරයක් මුහුණු පොතේ දකින්න ලැබුණා.

ඒ චන්දිමාල් ජයසිංහ සහ සැලේන් ලියෝහි ධනුෂ්ක චතුරංගගේ බිරිදයි.

චන්දිමාල් මෙන්න මෙහෙම පෝස්ට් එකක් මුහුණුපොතට එකතු කර තිබෙනවා.

‘දක්ශ ක්‍රිකට් ක්‍රිඩකයොන්ව නලුවො ගායකයො කරපු වැනල් ටිකයි කොන්ඩ කපපු සැලුන් ටිකයි මේවට වග කියන්න ඔිනේ ඉතිං!! එච්චරයි!!’ 

චන්දිමාල් මුහුණුපොතට එකතු කරපු පොස්ට් එකට ප්‍රතිචාර වශයෙන් ලංකාවේ ජනප්‍රිය රූපලාවන්‍ය (කොණ්ඩා කැපීම් සිදු කරන) ශිල්පියෙකුගේ බිරිඳ ඇගේ මුහුණු පොතේ විශේෂ පළ කිරීමක් සිදු කර තිබුණේ මෙලෙසයි.

‘C Jayasinghe අනේ මේ උත්තමයට කවුරු හරි පුලුවන්නම් ක්‍රිකට් ක්‍රීඩකයෙක්ගේ Wedding එකක Bridal dressing එකක් සෙට් කරලා දෙන්නකෝ පිං සිද්ධ වෙයි. Main function එක බැරි නම් Pre shoot එක හරි කමක් නැහැ එයා දැන් ලංකාවේ ලොකුම Function වල pre shoot එහෙම කරනවා Main Function දෙන්නෙ නැති නිසා. (ප්‍රතිපත්තියක් ලෙස අප කිසිවෙකුට මුහුණු පොතෙහි මඩ ගසන්නෙ නැත. මොන තරම් ප්‍රශ්ණ තිබුනත්. නමුත් හැම මොහොතෙම නිහඩව සිටීම ඇතැම් විට නිවටකමක් ලෙස සිතිය හැක.)’

මින් අනතුරුව නැවත වතාවක්, චන්දිමාල් පළකිරීමක් සිදු කරමින් සඳහන් කර තිබුණේ අදාළ කාන්තාව අහක යන තොප්පියක් දමාගෙන ඇති බවයි.

‘Shrek ගේ නෝනා අහක යන තොප්පි දාගෙන ඉක්මනින් ගොඩ බහින්නකෝ මම උත්තර දෙන්න නිතියෙන් මම ඔයාට වැඩිය උගත් නේ…! ඔයාගෙ මහත්තයා 300 ට බයික් එකේ ඇවිත් කොන්ඩ කපලා කලාකරුවන් අදුනගත්තෙ මගෙ ගෙදර කාමරේ තිබ්බ දුප්පත් සැලෝන් එකෙන් කියලා මතකද එතකොට ඔයා ගාමන්ට් එකේ වැඩ! මාන්නෙ බිමින් තියලා පොලවෙ පය ගහලා ජිවත්වෙන්න ලංකාවෙ තව සැලුන් තියනවා සල්ලි ගෙවලා කොන්ඩ කපන අපි ඉතිං පිනට කොන්ඩ කපන්නෙ නැ අන්දන්නෙ නැ ඔයාලා වගේ!!’ (ක්‍රිකට් බොඩ් එකෙන් ටිම් එකේ කොන්ඩ කපන්න දිපු ලයිසන් එකත් අරන් එන්නකො බලන්න!!)





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: