hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 ජනවාරි 22, පෙ.ව. 7:18



කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ ඉගෙනුම ලැබූ සිසුවියගේ ඝාතනය ගැන මේ වන විට නොයෙකුත් කතා පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ මැවී තිබෙනවා.

ඉන් සමහර පිරිසක් පවසා සිටින්නේ තරුණියගේ වරදක් නිසාවෙන් ඇයට මෙම ඉරණම අත් වුණ බවයි.

ඒ වගේම තවත් පිරිසක් පවසා සිටින්නේ තරුණයාගේ තිබෙන මානසික ප්‍රශ්නයක් නිසාවෙන් මෙවන් ඛේදවාචකයක් සිදුවුණු බවයි.

කොහොම වුණත් මෙහි සත්‍ය අසත්‍යතාවය පිලිබඳ වගේම ඔවුන්ගේ සම්බන්ධතාවය තුළ කිසිවෙකු නොදන්නා පැතිකඩ පිළිබඳව ඇගෙ සමීපතම මිතුරියක් විසින් සටහන් කර තිබූ ප්‍රකාශය මේ වන විට ඉතාමත් ආන්දෝලනාත්මක ලෙස මුළු රටේම අවධානයට පාත්‍ර වී තිබෙනවා.

මේ එම සටහනයි…

“චතුරි හංසිකා සහ පසිඳු චතුරංග දෙන්නම කොළඹ විද්‍යාපීඨයට ඇතුළත් වෙන්නේ 2020 දී.ඔය අතරවාරයේ දී බොහෝ ළමයින් වගේ මේ දෙදෙනා ආදර සම්බන්ධතාවයක් පටන් ගන්නවා.විශ්වවිද්‍යාලය තුළ අප ආදරය කරන්නට පටන් ගන්නේ අවුරුදු ගානක් දන්න මිනිස්සු නොවේ.මාසයක් දෙකක් කතා කරලා ඒ අය අපිට හොඳයි කියලා හිතුනා අපි ආදරේ කරන්න ගන්නවා.ඔහොම ආදරය කරන් යන විට අපිට පෙනෙන්නට ගන්නවා අපි ආදරය කරන කෙනාගේ ඇත්ත ස්වරූපය.

චතුරි කියන්නේ මාර උනන්දුවකින් ඉගැනීම් කරපු කරපු ශිෂ්‍යයාවක්.ඇයට හොඳ ඉලක්කයක් තිබුණා.නමුත් ඇයගේ පෙම්වතාට ඇය තරමටම උනන්දුවක් නැති වුණාට ඇය ඔහුට හැකි තරම් උදව් කළා ඉගෙනීමට උනන්දු වෙන්න.කිසිම වැඩක්  නොකරපු ඔහු ඇය නිසාම වැඩ කරන්න පටන් ගත්තා.මේ විදිහට අවුරුදු දෙකක් ගියා. ඇය stat special කරන්න තේරුණා.නමුත් ඔහු තේරී පත්වුණේ General degree එකකට.ඒ කොහොම වුණත් ඇය කවදාකවත් ඔහුට උදව් කරන එක නතර කලේ නැහැ.

මේ විදිහට තුන්වැනි වසරේ අග භාගය වෙනකොට ඔවුන් අතර තියෙන නොගැලපීම් වැඩි වෙන්න ගත්තා.චතුරි ඒ නිසා එම සම්බන්ධතාවයෙන් විවේකයක් ගැනීමට තීරණය කළා.පසිඳු ඒකට අකමැති වුනත්  මේ කතාබහ මාස දෙකක් පමණ ගියා.ඊයේ දහවලේ දී චතුරි අපෙන් වෙන් විය.පසිඳු විසින් පෙම්වතිය මරා දමන ලදී.අප දැනට දන්නේ ඇය වෙන කෙනෙකු හා යහළු වෙයි කියා බිය වී ඔහු මෙම ඝාතනය සිදු කළ බවයි.

ඔහුගේ ක්‍රියාව සාධාරණීකරණය නොකරන්න.ඔහු මිනීමරුවෙකි.අප ආදරය කරන කෙනා අපට නොගැළපෙනවා නම් ඔහුව හෝ ඇයව එපා කියන්නට අපට අයිතියක් ඇත.කිසි දිනක මෙම මිනීමැරුම සාධාරණීකරණය නොකරන්න.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: