hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 ජනවාරි 26, පෙ.ව. 12:00



පුංචි තිරයේ අහිංසකාවියක් විදිහට කොයි කාගේත් ආදරේ දිනාගත්තු ආදරණීය රංගන ශිල්පිනියක් තමයි චතුරිකා පීරිස් කියන්නේ.ඇය ගැන කතාකරද්දි මේ දවස්වල වැඩි වශයෙන්ම ඇය ප්‍රසිද්ධ වෙන්නේ ස්වර්ණවාහිනී ආයතනයේ අලුත් වෙනසක් එක්ක එකතුවෙලා තියෙන නිසයි.

චතුරිකා ස්වර්ණවාහිනී ආයතනයේ ප්‍රවෘත්ති  ඉදිරිපත් කරන නිවේදිකාවක් වශයෙන් කටයුතු කරනවා. ඉතින් ඇය මේ විදිහට ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහට ප්‍රථම අවස්ථාවට තමයි ප්‍රේක්ෂකයන් හමුවට ගියේ. ඇයගේ පළමු අත්දැකීම උනත් බොහොමයක් ප්‍රේක්ෂකයන්ගෙන් චතුරිකාට ලැබිලා තියෙන්නේ සුභවාදී අදහස් සහ ප්‍රශංසා.

රංගන ශිල්පිනියක් වෙලා හිටපු ඇයට එක පාරටම ඇයි ප්‍රවෘත්ති කියන්න හිතුනේ කියලා අහපු අවස්ථාවකදී ඒකට ඇත්තම හේතුව  කිව්වෙ මේ විදිහට.

“මම රංගනයට එන්න කලින් තමයි නිවේදන වෘත්තීය කළේ. මම ප්‍රවෘත්ති කියන විෂයට සම්බන්ධ වෙන්නේ පාසල් යන කාලේ ඉඳන්. 95-97 අවුරුදුවල මම සාමාන්‍යය පෙළ කරන කාලේ තිබුණා ගුවන් විදුලි සංස්ථාවේ බොදු සිසු පුවත් කියලා. ඒ වෙද්දී මම සමස්ත ලංකා බෞද්ධ ශිෂ්‍ය සම්මේලනයේ හිටියා. ඒ කාලේ බෞද්ධ ශිෂ්‍ය සංගමයට ගුවන් කාලයක් දීලා තිබ්බා බොදු පුවත්වලට. කාලයක් මම බොදු පුවත් කිව්වා. ඊට පස්සේ මම 2002 දී ජාතික රූපවාහිනියට සම්බන්ධ වෙනවා. රාත්‍රී සිංහල ප්‍රවෘත්ති අංශයට. එහිදි අයදුම්කරුවන් 5000කින් දෙන්නයි ගන්නේ. ඒක ජාතික රූපවාහිනියේ තියෙන ප්‍රසිද්ධ රහසක්. ඒ ගත්ත දෙන්නගෙන් එක් කෙනෙක් මම.අවුරුදු 22කට පස්සේ ස්වර්ණවාහිනියෙන් මට ආරාධනාවක් ලැබුණා. මම හරිම කැමතියි ප්‍රවෘත්ති කියන්න. ඒක හරිම ගෞරවාන්විත වෘත්තියක්. රංගන වෘත්තීය වුණත් අපි ගෞරවාන්විතව කරන තාක් ගෞරවාන්විතයි. අපි කරන වැඩේ මොකක් ද හරියට ඒ වැඩේට වටිනාකමක් දීලා කරන්න ඕනේ.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: