hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 20, පෙ.ව. 11:24



එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් මහා තරගයේ ජය ලබා ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වූ අතර ඉන්දියාවට සිදු වුණේ අනුශූරතාවයෙන් සෑහිමකට පත් වීමටයි.

ඒ කඩුළු 06කින් අපරාජිතව සිටි ඉන්දියාව පරාජයට පත් කරමින්.

සත්කාරක ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් මහා තරගය අහමදාබාද් හි නරේන්ද්‍ර මෝඩි ක්‍රීඩාංගණයේදී අද (19) පස්වරු 02.00ට ආරම්භ වුණා.

අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි ඉන්දියානු කණ්ඩායම ඔස්ට්‍රේලියානු පන්දු රකින්නන්ගේ දැඩි පීඩනය හමුවේ පන්දුවාර 50 අවසානයේ කඩුළු සියල්ල දැවී ලකුණු 240ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දුවට පහරදීමේදී Shubman Gill පන්දු 07කදී ලකුණු 04ක්ද, නායක Rohit Sharma පන්දු 31කදී ලකුණු 47ක්ද, Shreyas Iyer පන්දු 03කට ලකුණු 04ක්ද, Virat Kohli පන්දු 63ට ලකුණු 54ක්ද, Ravindra Jadeja පන්දු 22කදී ලකුණු 09ක්ද,KL Rahul පන්දු 107කදී ලකුණු 66ක්ද, Mohammed Shami පන්දු 10කදී ලකුණු 06ක්ද, Jasprit Bumrah පන්දු 03කදී ලකුණු 01ක්ද, Suryakumar Yadav පන්දු 28කට ලකුණු 18ක්ද, Kuldeep Yadav පන්දු 18කදී ලකුණු 10ක්ද ලබා ගත්තා.

පන්දු යැවීමේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ Mitchell Starc කඩුළු 03ක්ද, Josh Hazlewood, Pat Cummins කඩුළු 02ක්ද, Glenn Maxwell, Adam Zampa කඩුළු 01 බැගින් දවාගත්තා.

ජයග්‍රහණය සඳහා ලකුණු 241ක ඉලක්කයක් සහිතව පිළිතුරු ඉනිම හඹා යාමට පිටියට පිවිසි ඔස්ට්‍රේලියාව පන්දුවාර 43ක් අවසානයේ කඩුළු 04ක් දැවී ලකුණු 241ක් ලබා ගනිමින් මෙවර ලෝක ශූරයින් ලෙස කිරුළු දැරීමේ භාග්‍යට හිමිකම් කීමට සමත් වුණා.

පන්දුවට පහරදීමේදී අගනා ඉනිමක් ක්‍රීඩාකළ Travis Head පන්දු 120කදී ලකුණු 137ක ලබා ගනිමින් ඔස්ට්‍රේලියාව ජයග්‍රහණය කරා ගෙන යෑමේ පුරෝගාමියා බවට පත් වුණා.

David Warner පන්දු 03ට ලකුණු 07ක්ද, Mitchell Marsh පන්දු 15කදී ලකුණු 15ක්ද, ලබා ගත්තා.

පන්දු යැවීමේදී ඉන්දියානු කණ්ඩායමේ Jasprit Bumrah කඩුළු 02ක්ද, Mohammed Shami එක කඩුල්ලක්ද දවාගත්තා.

එක් රන් කිරුළක් වෙනුවෙන් ලොව බලවත්ම ක්‍රිකට් රාජ්‍ය 10ක් මාස එකහමාරකට ආසන්න කාලයක් තරග 48කදී උරෙන් උර ගැටුණා.

එහිදී ක්‍රිකට් දේවත්වයෙන් සලකන අසල්වැසි භාරත දේශය අපරාජිතව මෙවර ලෝක කුසලානයේ අවසන් මහා තරගයට පිවිසෙද්දී ,මුල් තරග දෙක පරාජය වුවත්, අනතුරුව සහභාගී වූ තරග 08ම ජයගෙන ඔස්ට්‍රේලියානුවන් ඉන්දියාවේ ප්‍රතිමල්ලවයින් බවට පත් වුණා.

පැට් කමින්ස් තරග ආරම්භයට දිනකට පෙර දී සියලු ඉන්දීය ප්‍රේක්ෂකයින් නිහඬ කරන බැව් ද කියා තිබුණා.

මේ වන විට හුවමාරු වන වීඩියෝවේ මෝදි වේදිකාවෙන් හැරී යන මොහොතේ පැට් කමින්ස් හුදකලාව බලා සිටින අයුරු දැක්වෙනවා.

මෝදිගේ මේ ක්‍රියාව බොහෝ පිරිසකගේ විවේචනයට ලක්වෙනවා.

මෝදි එසේ නොකළ යුතුව තිබුණා යැයි පිරිසක් අදහස් දක්වමින් සිටිනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: