2022 ජූනි 27, ප.ව. 1:32
වත්තේගම පොල්ගොල්ල මීගම්මනවත්ත ප්‍රදේශයේදී සුළු ව්‍යාපාරිකයකු ලොරි රථයක ලීසින් වාරික නිසි පරිදි නොගෙවූ බව පවසමින් ආදාළ ලීසින් සමාගමේ නියෝජතියන් බව කියන පිරිසක් එම ලොරි රථය අත්පත් කර ගෙන යාමේදී එහි හිමිකරු වන 35 හැවිරිදි තරුණයකු මිය ගොස් ඇති බව ඔහුගේ ඥාතීහු පවසනවා.
මෙම වාහනය අළුයම පන ගන්වන බව ඇසී නිවසේ නිදා සිට ඇති මෙම තරුණයා මාර්ගයට පැමිණ පරීක්ෂා කිරීමේදී යම් පිරිසක තම වාහනය රැගෙන යන බව දැක ඔහු එම වාහයට ගොඩ වී තිබෙනවා.
මිටර් 300 -350 ක් පමණ දුරක් වාහනයේ ගොස් ඇති ඔහු ප්‍රධාන මාර්ගයේ වැටී මිය ගොස් සිටියදී ඥාතීන් සොයා ගනු ලැබ තිබෙනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ පොගොල්ල මීගම්මනවත්ත ප්‍රදේශයේ පදිංචි ජාලිය කුමාර පරාක්‍රම නැමැති 35 හැවිරිදි අවිවාහක තරුණයෙක්.
වැටී සිටි ඔහු ඥාතීන් විසින් රෝහල්ගත කර ඇතත් ඔහු ජීවිතක්ෂයට පත්වූ අතර ටිපර් රථය පැමිණි මැරයන් පැහැරගෙන ගොස් තිබිණි.
පසුව මහනුවර කොට්ඨාස (1) ජේයෂ්ඨ පොලිස් අධිකාරි කීර්ති රණවීර මහතාගේ උපදෙස් මත වත්තේගම පොලිස් ස්ථානාධිපතිවරයා සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් මියගිය ජාලිය කුමාරගේ පියා පවසන්නේ මෙවැන්නක්.
““ඔය සිද්ධියට කලින් අපි ෆිනෑන්ස් කොම්පැනියට ගිහිල්ලා කතා කළා ෆිනෑන්ස් එක ක්ලියර් කරගන්න කියලා. ඉන්පස්සේ ෆිනෑන්ස් කොම්පැනිය ලොකු මුදලක් ඉල්ලා හිටියා. ඒත් පුතා කිව්වා එච්චර සල්ලියක් නැහැ ඊට අඩු ගාණක් දෙන්නම් කියලා. ඒත් ෆිනෑන්ස් එකේ මහත්තුරු කැමැති වුණේ නැහැ. එතකොට ඒ අය කියලා තියෙනවා අපි වාහනේ අනිවාර්යයෙන්ම ගන්නවා කියලා. එතකොට පුතාත් කියලා තියෙනවා පුළුවන් නම් ගන්න කියලා. ඊට පස්සේ ඒ අය කියලා තිබුණා ගිය සැරේ වගේ නෙවේ මේ සැරේ ගන්නේ කියලා. ගිය සැරේ නම් ගහලා ගත්තේ මේ සැරේ නම් එකෙක් යට කරලා හරි වාහනේ ගන්නවා කියලා. ඉන්පස්සේ තමයි සීසර්ලා එවලා වාහනේ අරගෙන තිබුණේ.”
පුතුගේ වියෝව දරාගත නොහැකිව හඬා වැලපෙන ජාලියගේ මවුපියන් සහ ඔහුගේ මිතුරන් පවසා සිටින්නේ සීසර්ලාගේ ගොදුරක් වූ ජාලියගේ අකල් වියෝවට විධිමත් පරීක්ෂණයක් සිදුකර ඔහුට සාධාරණයක් කළ යුතු බවයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සමස්ත ලංකා දේපළ අත්පත් කර ගැනීමේ වෘත්තීය සංගමයේ සභාපතිවරයා පවසන්නේ මෙම ටිපර් රථය අත්පත් කර ගැනීමට ගිය පිරිස අතර සිටි කිසිවකු සිය සංගමයේ නියෝජිතයන් (සීසර්වරුන්) නොවන බවයි.
2026 සැප්තැම්බර් 22, පෙ.ව. 12:19
2026 සැප්තැම්බර් 21, පෙ.ව. 12:26
2026 සැප්තැම්බර් 21, පෙ.ව. 12:22
2026 සැප්තැම්බර් 20, පෙ.ව. 12:08
2026 සැප්තැම්බර් 20, පෙ.ව. 12:03