hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 මාර්තු 10, ප.ව. 1:18



මෙවර ලෝක රූ රැජින කිරුළ චෙක් ජනරජයේ ක්‍රිස්ටිනා පිස්කෝවා විසින් හිමිකරගෙන තිබෙනවා.

71 වෙනි ලෝක රූ රැජින කිරුළ ඉන්දියාවේ මුම්බායිහිදී ඊයේ (09) රාත්‍රී පවත්වනු ලැබුවා.

එම තරගාවලිය සඳහා රටවල් 115ක තරගකාරිනියන් සහභාගී වූ අතර චෙක් ජනරජයේ ක්‍රිස්ටිනා පිස්කෝවා එහිදී ලෝක රූ රැජින කිරුළ හිමිකර ගැනීමට සමත් වූවා.

අනුශූරිය ලෙස ලෙබනනයේ යෂ්මිනා සයිටූන් තේරී පත්ව තිබුණා.

වසර 28කට පසු එම තරගාවලියේ සත්කාරකත්වය දැරූ ඉන්දියාව නියෝජනය කළ 22 හැවිරිදි සිනී ෂෙට්ටි තරගාවලියේ පළමු 08 දෙනා අතරට තේරී පත්වීම වි‍ශේෂත්වයක්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: