hit counter

2024 මැයි මස 15 වන බදාදා

2022 ජූලි 05, ප.ව. 1:01



දඹුල්ල කුරුණෑගල පාරේ යක්ගහපිටිය IOC ඉන්ධන පිරවුම්හලේ දී තරුණයෙකුට පා පහරක් එල්ල කරන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණා.

පහර කෑමට ලක්ව තිබුණේ 26 හැවිරිදි තරුණයෙක්.

මේ තරුණයා සිද්ධිය ගැන මෙසේ සදහන් කළා.

“ඒ වෙලාවේ ටෝකන්වලට තෙල් ගහන ගමන් තිබුණේ. හැබැයි මට ටෝකන් එකක් තිබුණේ නැහැ. ටෝකන් එකක් ගන්න බලාපොරොත්තුවෙන් මැනේජර් මහත්තයා හම්බ වෙලා මැනේජර් මහත්තයාගෙන් අහන්නම් කියන බලාපොරොත්තුවෙන් ගියා ශෙඩ් එකේ බෝඩර් එකට. එතන ලණුවක් දාලා තිබ්බා. එතනින් එහාට කවුරුත් හිටියේ නැහැ. ඊට පස්සේ මට කිව්වා එතනින් ලණුවෙන් එහාට යන්න කියලා. ශෙඩ් එකෙන් පිට මම ඉන්න හින්දා මම මෙතන ඉන්නම් මැනේජර් මහත්තයා හම්බවෙන්න ඕනේ හින්දා මම ඉන්නේ කියලා. ඊට පස්සේ නිලධාරීන් දෙතුන් දෙනෙක් ඇවිල්ලා මාව ශෙඩ් එකේ ලනුවෙන් ඇතුළට අරගෙන ගියා. ඇතුළට අරගෙන යනවත් එක්කම ආමි එකේ උසස් නිලධාරියෙක් ඇවිල්ලා ප්‍රශ්නේ මොකක්දවත් මුකුත්ම අහන්නේ නැතුව පයින් ගහගෙන තමයි ඉස්සරහට ආවේ.ඊට පස්සේ පොලිස් නිලධාරීන් තමයි මාව බේර ගත්තේ. ඔෆිස් එකට එක්කගෙන ගිහින් එළියට ආපු ගමන් මාව ජීප් එකට දාගත්තා. ජීප් එකට මගේ එක්ක ආව තව යාලුවෙකුත් දාගෙන තමයි පොලීසියට අරන් ගියේ. අපි දෙගොල්ලන් ඒ පැමිණිල්ල ඒ කට්ටිය එක්ක කතා වෙලා අපි ඒක නිරාකරණය කර ගත්තා. ඒ කියන්නේ පැමිණිල්ල ඉල්ලා අස් කර ගත්තා.”