hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2024 පෙබරවාරි 21, පෙ.ව. 12:03



ගායන ලෝකය තුළ බොහෝ දෙනෙක් ආදරය කරන ආදරණීය ගායකයෙක් තමයි දමිත් අසංක කියන්නේ.

ඔහු ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ බහුතරයක් දෙනා ඇද බැද තබා ගත්තු ආදරණීය ආකර්ෂණීය ගායකයෙක් කිව්වොත් හරි.

දමිත් ගැන කතා කරද්දි පසුගිය කාල සීමාවේදී නම් ඔහු කලා කටයුතුත් එක්ක සම්බන්ධ වුණේ නෑ.

ඔහු ටිකක් මානසික අතින් යහපත් සෞඛ්‍ය තත්ත්වයක හිටියේ නෑ. මේ සිදුවීම අල්ලගෙන බහුතරයක් දෙනා දමිත්ට මඩ ගහන්න පටන් ගත්තා.

සමාජ මාධ්‍යවල පවා ඔහු පිළිබඳව ප්‍රචාරය වුණේ වැරදි දේවල්.

හැබැයි ජීවිතේ කොයි මොහොතක හෝ කාටහරි කොතනක හෝ ලොකුවටම වරදින්න පුළුවන්.

ඒ විදිහට දමිත්ත වැරදුණු තැන හදාගෙන ආයෙමත් සැරයක් ඔහු ප්‍රසංග වේදිකාවේ වැඩත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා.

ඒ නිසා මොහුට ආදරේ කරන ප්‍රේක්ෂකයන් අදටත් ඒ විදිහටම ඔහුත් එක්ක ඉන්නවා කියන දේත් මතක් කරන්නම ඕනේ.

මිත් සිය ෆේස්බුක් ගිණුමට එක්තරා සටහනක් එක්කාසු කර තිබෙනවා.

”දෙයියනේ මම මහණ වෙන්න නෙමෙයි නවතින්නේ. අම්මපා අපේ රටේ ඇතැමුන් මුහුද හත් ගව්වක් තියල පේන කියනවා. වේදිකාවෙන් විතරයි සමුගන්නේ දිගටම ඔබ‍ට ඇසීමට ගීත ගයනවා. සමාජ මාධ්‍ය හරහා එවනවා. වියාපාරයක් හා පැල වගාවක් වෙනුවෙන් නවතිනවා. ඔබේ මතය දාන්න එපා නොදැන මම මහණ වෙන බවක් දන්වලා. මම ඉතා සතුටින් දිවි ගෙවනවා. මට ආදරේ අය මං වෙනුවෙන් පැල දහයක් හිටවන්න ගෙවත්තේ. එය නම් ඉතා කැමත්තෙන් අද සිට ඉල්ලනවා ”

ඒ සඳහා ප්‍රේක්ෂකන් දක්වා තිබූ ප්‍රතිචාර පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: