hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 මාර්තු 02, ප.ව. 1:51



රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය හා ඇගේ සැමියා එක්ව තමන් විශාල මූල්‍ය වංචාවකට හසු කළ බවට පුද්ගලයෙකු විසින් ප්‍රබල චෝදනාවක් එල්ල කර සිටිනවා.

හෙතෙම මෙම අදහස් පළ කළේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමිනි.

තමන් විදේශගත කරන බව පවසමින් ඔවුන් දිගින් දිගටම තමන්ගේ සියලු වස්තුව දේපළ ලක්ෂ ගණනින් ඔවුන් දෙදෙනා විසින් සැලසුම් සහගතව සූරා කෑමකට ලක් කල බවටත් ඔහු චෝදනා රැසක් එල්ල කර තිබෙනවා.

තමන් මෙම යුවල සමග බොහෝ හිතවත් වී ඔවුන්ගේ නිවසේම වාසය කළ බවත් එක් අවස්ථාවක දමිතා අබේරත්න මහත්මියගේ කකුල් මසාජ් කරන්නයිද ඉල්ලා සිටි බවද ඔහු සඳහන් කර තිබෙනවා.

දැනටමත් තමන් රහස් පොලිසියට පැමිණිලි කර ඇති බවත් ඒ පිළිබඳව විමර්ශන සිදුවෙමින් ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, මෙවන් ආකාරයේ කටයුතු අසාධාරණයන්ට ලක් වූ තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු සිටින බවත් මෙම අදාළ විමර්ශන කටයුතු ඉදිරියට යද්දී ඔවුන් ද ඉදිරියට පැමිණ ඒවා හෙළි කරනු ඇති බවයි.

දමිතා අබේරත්න මහත්මියගේ සැමියා ඩුබායි රාජ්‍යයේ සිරගතව සිටි පුද්ගලයකු බවත් ඒ එරටදී සිදු කරන ලද මුදල් වංචාවක් සම්බන්ධයෙන් බවද පැවසූ ඔහු තමන් ද මත්පැන් පානය කිරීම නිසා එම බන්ධනාගාරයේම සිටි බවත් එහිදී ඇති වූ සම්බන්ධතාවයක් මත ඔවුන් හඳුනාගත් බවත් හෙතෙම එහිදී වැඩිදුරටත් අනාවරණය කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: