2023 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 10:02
ධනුෂ්ක ගුණතිලක කියන්නේ කාලෙකට කළින් අපේ රටේ බොහෝ දෙනා කතා බහ කළ චරිතයක් වුණා.
ඒ ක්‍රිකට් නිසා නම් නෙවෙයි කියන එක කාටත් මතක ඇති නේ.
මෙන්න ඒ කතාව දැන් තවත් අලුත් වෙලා.
අද ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩුවේ විනිසුරුවරයාගේ නඩු විභාගය ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර NSW දිස්ත්‍රික් අධිකරණය හමුවේ කැඳවනු ලැබුවා.
කොහොම වුණත්, බලහත්කාරයෙන් එරට කාන්තාවක් සමඟ ලිංගිකව හැසිරීම ඔහුට එරෙහිවූ බරපතල චෝදනාවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සිය නඩු විභාගය සඳහා මුහුණ දීමට තවත් සුදු ජාතික කාන්තාවක් සමඟ ඩවුනින්ග් සෙන්ටර් අධිකරණයට ඊයේ (18) පැමිණි බවත් එම කාන්තාව පැමිණිලිකාරිය නොවන බවත් ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළා.
එම කාන්තාව ධනුෂ්ක ගුණතිලකගේ වත්මන් පෙම්වතිය යැයි විශ්වාස කළ හැකි බව නිව්ස්.කොම් වෙබ් අඩවිය පෙන්වා දී ඇත.
කාන්තාවක් දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක අධිකරණය හමුවේ ප්‍රකාශ කිරීමෙන් පසුව ඊයේ(18) එම නඩු විභාගය ජූරි සභාවක් නොමැතිව ආරම්භ වුණා.
නඩු විභාගය දින 4 ක පමණ කාලයක් පැවැත්වෙනු ඇති බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ධනුෂ්ක ගුණතිලක ටින්ඩර් නැමැති මිතුරන් හඳුනාගන්නා මෘදුකාංගය ඔස්සේ පසුගිය ඔක්තෝබර් මස 29 වැනිදා හඳුනාගත් බවත් සිද්ධිය සිදු වූ දා රාත්‍රියේ තම ජීවිතය පිළිබඳ බියක් දැනුනු අවස්ථා කිහිපයක් තිබුණු බවත් නඩු විභාගයේදී පැමිණිලිකාර කාන්තව වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබා දෙමින් ප්‍රකාශ කර ඇත.
එසේම තමාගේ කැමැත්තකින් තොරව සිදුවීම් කිහිපයක් එම රාත්‍රියේදී සිදු වූ එම කාන්තාව පවසා තිබෙනවා.
2026 අප්‍රේල් 27, ප.ව. 1:32
2026 අප්‍රේල් 27, පෙ.ව. 10:09
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:23
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:15
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26