hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 20, ප.ව. 8:28



ශ්‍රී ලංකා පිලේ හිටපු ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක අද (20) තෙවැනි දිනටත් සිඩ්නි නුවර ඩව්නින් දිස්ත්‍රික් අධිකරණයේදී විනිසුරු සාරා හගේට් ඉදිරියේ පෙනී සිටිමින් ඇතැම් කරුණු කඳුළු සලමින් පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය වසරේ විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය අතරතුර ඔස්ට්‍රේලියාවේදී කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාව සම්බන්ධ නඩුව සම්බන්ධයෙන ධනුෂ්ක ගුණතිලක පවසා ඇත්තේ තමා ලිංගික අතවර කළ බවට චෝදනා එල්ල කර ඇති කාන්තාව සංසර්ගයෙන් පසු තමන් පසුගිය භවයේ තායිලන්තයේ අසල්වැසියන් වූ බවට කතා කිරීමට පටන් ගැනීමත් සමඟ තමා තරමක් බියට හා කනස්සල්ලට පත්වූ බවයි.

බදාදා ඩව්නිං සෙන්ටර් දිසා අධිකරණයේ 32 හැවිරිදි ධනුෂ්ක තනිව පෙනී සිටිමින් නඩු විභාගය අතරතුර සිදු කරන ලද පටිගත කරන ලද පොලිස් සම්මුඛ සාකච්ඡාවකදී මෙලෙස කටයුතු කළ බව වාර්තා වෙනවා.

සිදු වූ සිදුවීම් පිළිබඳ ඔහුගේ ප්‍රකාශය ලබා දෙන අතරතුර ලේන්සුවකින් ඔහුගේ ඇස් පිස දමනු දක්නට ලැබුණ බවද මාධ්‍ය වාර්තා සඳහන් කර තිබෙනවා.

සිඩ්නි සීබීඩී හි පීසා ලබා ගැනීමට යාමට පෙර ඇගේ නිවසට පැමිණීමට පෙර ඔපෙරා බාර් හිදී මෙම කාන්තාව හමු වූ බව ඔහු පැවසුවා.

ලිංගිකව හැසිරීමෙන් පසු, ඇය අතීත ජීවිත දැක ගත හැකි විශේෂ බලයක් ඇති බව කාන්තාව ඔහුට පැවසූ බව ඔහු පැවසීය. තමා බෞද්ධයෙකු නිසා එය සිත්ගන්නා සුළු වූ බවත් එහිදී ධනුෂ්ක අදාළ කාන්තාවය පවසා තිබෙනවා.

ඇය ඇස් පියාගෙන ඔහුට පවසා ඇත්තේ ඔවුන් මීට පෙර තායිලන්තයේ ජීවත් වූ අසල්වැසියන් බවයි.

“ඊට පස්සේ මට ටිකක් බය හිතුණා. මම දන්නේ නැහැ ඇයි මට ඒ හැඟීම ආවේ කියලා. මම හිතුවෙ ඇය ටිකක් අමුතුයි කියලා, ” ධනුෂ්ක ගුණතිලක පොලිසියට සදහන් කර ඇත.

ධනුෂ්ක පොලිස් සම්මුඛ සාකච්ඡාවේදී තම මව පිළිබඳ සඳහන් කරන විට ලේන්සුවකින් මුහුණ පිසදමා හඬන්නට වූ බවද සදහන් වේ. සිය මව කේන්දර බලන බවත් ගුණතිලක පොලිසියට පැවසුවා.

අදාළ දුෂණ චෝදනාව එල්ල කරන කාන්තාව පවසා තිබුනේ 2022 නොවැම්බර් 2 වන දින සිය නිවසේ ලිංගික ක්‍රියාකාරකම් අතරතුර ඇගේ අවසරයකින් තොරව කොන්ඩම් ගලවා “හොර රහසේ” සංසර්ගයක නිරත වූ බවයි.

කැමැත්තකින් තොරව ලිංගික සංසර්ගයේ යෙදීම ගැන ධනුෂ්ක වරදකරු නොවන බව උසාවියේ තරයේ කියා තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්ව යාමට පැය කිහිපයකට පෙර 2022 නොවැම්බර් 6 වන දින අලුයම සිඩ්නිහි හයට් රීජන්සි හි දී ලිෆ්ට් එකකදී ගුණතිලක අත්අඩංගුවට ගත් බවත් පොලිසිය ඔහුගේ බෑග් සහ කාමරය පරීක්ෂා කළ බවත් ඔහුගේ අයිෆෝන් අත්අඩංගුවට ගත් බවත් ඒ අතර බර්බෙරි සැටල් බෑගයක භාවිතා නොකළ කොන්ඩම් දෙකක් සොයා ගත් බවත් අධිකරණයට පොලිසිය වාර්තා කළා.

ඩව්නින් දිස්ත්‍රික් අධිකරණයේදී විනිසුරු විනිසුරු සාරා හුගෙට් යටතේ මෙම නඩු විභාගය දිගටම පැවැත්වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: