hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 03, පෙ.ව. 12:11



දසුන් ගිහින් අවුරුදු හයක්…. ඒ අවුරුදු 6 ඇතුළේ අදටත් දසුන් ව සිහිගන්වන උන් බොහෝමයි.

දසුන් මෙහෙන් ගියේ ප්‍රශ්න බොහෝමයක් ඉතිරි කරලා. කවුරුවත් වග කියන්න වුවමනා නැත කියලා ලියලා තියා ගියා වුණත්… ජනප්‍රිය නිළියකගේ නම ආඳලා දසුන්ගේ මරණය අලෙවි කරන්නත් බොහෝමයක් උන් කටයුතු කර තිබුණා.

ඒ අවුරුදු තුන, හතරට වැඩිම වාරයක් බැනුම් අහපු, වැඩිම දෙනෙක්ගේ විවේචනයට ලක්වුණු කෙනා වුණේ ඒ රංගන ශිල්පිනිය.

දසුන්ව රැකගන්නවත්, දසුන්ව කියවගන්නවත් කවුරුත් නැතිකොට, දසුන් සීලිමක් දිහා බලාගෙන මේ තීන්දුව ගන්න ඇති. ඒ නිසාම දසුන්ව කවමදාවත් නොදැක්ක රසිකයින් පවා සංවේදී වෙලා තිබුණා.

දසුන් ගැන කොයි තරම් කයිකතන්දර තිබුණා වුණත් ඒ දේවල්වල ඇත්ත දන්නෙ දසුන්ම ඇරෙන්න වෙන කවුද? 

‘මගේ පුතා මත් පෙති ගන්නවා දිනපතා මත් ද්‍රව්‍ය පාවිච්චි කරනවා, “බ්ලූ වේල්” ගේම් එක සෙල්ලම් කළා. කාන්තාවන් පසුපස ගියා කියා නොයෙක්‌ චෝදනා සමහර මාධ්‍ය ඔස්‌සේ එල්ල කර තිබුණා. මම වගකීමෙන් යුතුව කියනවා මගේ පුතා ඒ වගේ කෙනෙක්‌ නොවෙයි කියලා. සාදයකදී මත්පැන් ටිකක්‌ බිව්වට එයා ඉහත සඳහන් කළ ආකාරයේ පුද්ගලයෙක්‌ නොවේ. හරිම අහිංසක සංවේදී මිනිහෙක්‌. මගේ පුතා මෙහෙම මැරෙන්න ඕන කෙනෙක්‌ නොවෙයි. එහෙත් එයාව මරා ගත්තා. මරාගත්තෙ ඒ දෙන්නා’

සත්‍ය වශයෙන්ම දසුන් කඩවසම් තරුණයෙකු විනා ඉන් එහා අතිශය ජනප්‍රියත්වයේ මං විවර කර ගත්තාම පමණයි.

අසීමාන්තික වේදනාවක් ඉවසා වදාරාන්නට නොහැකි තැන ඔහු තීන්දුවක් ගත්තා නම් ඒ තීන්දුවේ අයිතිය ඔහුටම මිසක වෙන කාටද? ඒත් දෙවියන් තෑග්ගක් ප්‍රතික්ෂේප කරන්නෙ ඔහුට ලැබුණු කුමන ආකාරයේ බලයක් නිසාද?

දසුන්ගේ සියදිවි නසා ගැනීමේ සාධාරණීකරනය කළ නොහැක්කෙ අන්න ඒ නිසා යි.

දසුන් මියයාමට කලින් පැවැත්වුණු පුවත් සාකච්ඡාවකදී කියා තිබුණේ තමන් මේ ගමන පැමිණියේ කටු කා බවයි. එවැනි ගමනක් අවසානයේ ජනප්‍රියත්වය අභිමුව ඔහු නොඑන ගමනක් ගිය හේතුව දන්නෙ ඔහුම පමණයි.

ඔහු මිය යාමට පෙර පැවැත්වූ පුවත් සාකච්ජාවක් මේ.

නිළියන්ට පුංචි තිරයේ පෙම් කරන ඔබට හැබෑවටම හිතගිය නිළියක්‌ නැද්ද’නැහැ. ඒ හැමෝම ක්‍ෂේත්‍රයේ මාත් එක්‌ක එකට ඉන්න සහෝදරියො.අහම්බෙන් හරි නිළියක්‌ ඔබේ ආදරේ ඉල්ලුවොත් සොරි කියල කියන්න තමයි වෙන්නෙ.’ 

අන්තිමට ඇත්තටම දසුන් කියන්නෙ දසුන්. ඒ විදිහට දසුන්ව දකිනවා නම් අද ඔහු මෙහේ හිටියනම්…. ලංකාවේ ජනප්‍රියතමය කියන තරු අතර ඔහු වැජඹෙන්න තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: