2024 ඔක්තෝබර් 08, පෙ.ව. 12:07
දසුන් නිශාන්ත සිල්වා කියන ලස්සන තරුණයා බෙහෙවින් ප්‍රියකරුයි. ඒ නිසාම ඔහුට ආදරය කළ ආශා කළ අය බොහෝමයි. ඒ අතරේ ඔහුට හදවතින්ම පෙම් කළ තරුණියන්ද බොහෝ සිටියා.
මීට අවුරුදු කිහිපයකට කලින් 2014 වසරේ ඔහු සිය බෝඩින් කාමරයේදී තමන්ගේ ජීවිතය අවසන් කරන්න තීන්දුවක් ගන්නවා. ඉන් අනතුරුව විදුලි පංකාවේ එල්ලිලා ඔහු අවසන් ගමන් යනවා.
ලස්සන කොල්ලෙක් ඒ විදියට අකාලයේ ජීවිතයෙන් සමු ගන්නකොට ඔහුට ආදරය කළ බොහෝ පිරිසකගේ මතය වුණේ මෙච්චර ලස්සන, දක්ෂ හොද කොල්ලෙක් හොද අනාගතයක් ඉස්සරහා තියෙන බව පෙනි පෙනී දිවිනසා ගත්තේ ඇයි?
දිවි හානි කර ගැනීමට මුල් වී හේතු හෙළි වුණේ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ පැවැත්වුණ හදිසි මරණ පරීක්ෂණයේදී.
දසුන්ගේ මම මෙහෙදි සාක්ෂි දෙමින් පවසා තිබුණේ දසුන් මෑතක ඉදලා නිලියක් සමග සම්බන්ධයක් පවත්වනවා කියලයි.
ඒ වගේම ඇය සමග විවාහ වෙන්න අවශ්‍ය බවත් කියමින් තමාට මෙන්න ඔහුගේ විවාහ වී සිටි තරුණියටද කරදර කළ බවයි.
මේ ඇය එදා කියපු කතාව.
මේ මගේ ලොකු පුතා. ජාත්‍යන්තර පාසලක ගුරුවරියක් සමග විවාහ වෙලා හිටියේ.ඒත් පුතා එයාගේ ගෙදරට කැන්දන් ආවේ නැහැ.ලොකු පුතා පසුගිය දවස්වල මට දුරකථනයෙන් කතා කරලා නිලියක් සමග සම්බන්ධයක් තියෙනවා එයාව බදින්න ඕනේ කියලා කිව්වා. මම ඒකට විරුද්ධ වුණා. එහෙම කරන්න එපා කියලා මම පුතාට අවවාද කළා. ඒත් පුතා බෝඩිමේදී සියදිවි නසාගෙන කියලා මට ආරංචි වුණා.
දසුන් නිශාන්ත නීතියෙන් විවාහ වෙලා හිටියත් ගෙදරට කැන්දා ගෙන නොආ බිරිදත් හදිසි මරණ පරීක්ෂකවරයා ඉදිරියේ සාක්ෂි ලබා දී තිබුණා.
මේ ඇය කියපු කතාව.
“මම දසුන්ව හදුනන්නේ කුඩා කාලයේ ඉදලමයි. අවුරුදු 13ක ප්‍රේම සම්බන්ධයකින් පස්සේ දෙපාර්ශවයේම ආශිර්වාද මැද තමයි අපි විවාහ ගිවිස ගත්තේ.ඒත් පසුගිය කාලයේ දැනගන්න ලැබුනා වෙනත් ගෑණු ළමයෙක් සමග සම්බන්ධයක් පවත්වනවා කියලා. ඒ කාන්තාව මට දුරකථනයෙන් කතා කරලා එයා දැන් ඉන්නේ දසුන් එක්ක මට දසුන්ව ඕනේ කියලා කිව්වා. ඒත් මමත් දසුන්ට ආදරේ කරපු නිසා විවාහය රැක ගත්තා.”
2024 නොවැම්බර් 05, පෙ.ව. 12:02
2024 නොවැම්බර් 04, ප.ව. 6:12
2024 නොවැම්බර් 04, පෙ.ව. 12:08
2024 නොවැම්බර් 04, පෙ.ව. 12:06
2024 නොවැම්බර් 03, පෙ.ව. 12:04
05-11-24
05-11-24
05-11-24
05-11-24
05-11-24
05-11-24
04-11-24
04-11-24
04-11-24
04-11-24
04-11-24
04-11-24
04-11-24
04-11-24
03-11-24
03-11-24
03-11-24
03-11-24
03-11-24
03-11-24
03-11-24
03-11-24
02-11-24
02-11-24