hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 මැයි 27, පෙ.ව. 12:02



මැයි මස 31 වැනිදා බුධ ග්‍රහයා පිපිරුම්කාරක ග්‍රහයකු වන යුරේනස්ට පරාජය වන බව ජෝතීර්වේදීන් පවසනවා.

ඒ අනුව ජුනි 01 දා පස්වරු 3.36ට කුජ ග්‍රහයා මේෂ රාශිය තුළ අරඹන ප්‍රබල චලිතය සහ ඊට මිනිත්තු 5කට පසු පිපිරුම්කාරක යුරේනස් වෘෂභ රාශිය තුළ ඇති ප්‍රබල චලිතයක් ඇති කරන බව සඳහන්.

ඒ හේතුවෙන් එම කාලවකවානුව සහ ආසන්න දිනවලදී ජේ‍යාතිෂමය වශයෙන් බියකරු කාලවකවානුවක් නිර්මාණය වනු ඇති.

මෙම කාලවකවානුව තුළ කරන-කියන සියලු කටයුතුවලදී වඩාත් ප්‍රවේශම් විය යුතුයි.

2024 වර්ෂයේ ජුනි පළමුවෙනිදායින් පසුව සිකුරු ග්‍රහයාට අයත් වෘෂභ රාශියේ සිය ගෝචර ගමන ආරම්භ කරනු ලබනවා.

විශාල පරාසයක් කරා විහිදෙන මෙම ග්‍රහයාගේ ගෝචර ගමනේ බලපෑම ප්‍රධාන වශයෙන් එම රාශිය හිමි රටවල් කෙරෙහි බලපාන බව සඳහන්.

ස්වාභාවිකත්වයට එරෙහිව එය ඉක්මවා යෑමේ බලය මත යුරේනස් ග්‍රහයාගේ මෙම ගෝචරය තුළින් ලෝකයේ යුදමය තත්ත්වය වර්ධනය විය හැකියි.

එමෙන් ම මිනිස් සිරුරට අහිතකර රසායනික ද්‍රව්‍ය වාතලයට මුසුවීමෙන් වගාබිම්, ගහකොළ, සතා සිවුපාවා මෙන්ම මිනිස් ජීවිතවලටද දැඩි බලපෑම් සිදු වන බවයි, ජෝතීර්වේදීන් කියා සිටියේ.

වෘෂභ, තුලා, ධනු රාශීන් නියෝජනය කරන රටවල් කෙරෙහි මෙම තත්ත්වය ප්‍රබල ලෙස බලපායි.

සුළිසුළං, සුළි කුණාටු, මහා සමුද්‍රයේ භූ කම්පා සිදුවීම, ගිනිකඳු පුපුරායාම වැනි ස්වාභාවික විපත් පවා මෙම කාල සීමාව තූළ දී සිදු විය හැකියි.

රට රටවල් අතර පවතින බල අරගලය හේතුවෙන් දේශපාලන ගැටුම් උග්‍රවීම ද සිදු වන බව සඳහන්.

ලංකාවටද යුරේනස් ග්‍රහයා වෘෂභ රාශි ගතවීම කිසියම් බලපෑමකට නතුවීමට සිදු වනවා.

ලංකා කේන්ද්‍රයට අනුව යුරේනස් ග්‍රහයාගේ ගෝචරය සිදුවන්නේ සිවුවැනි භාවයේ බව සඳහන්.

ඒ අනුව ඇතිවන බලපෑම කෘෂිකාර්මික ඉඩකඩම්, පතල් කර්මාන්ත යන අංශ කෙරෙහි බලපානවා.

ඊට අමතරව භූමි චලන මෙන්ම ගින්නෙන් විපත් ඇතිවීමටත්, උස ගොඩනැඟිලි කඩා වැටීමටත් හේතුව විය හැකියි.

රාජ්‍ය පාලකයන්ටද ඉතා අයහපත් කාලයක් පෙන්නුම් කරන අතර රජයේ ශක්තිය පිරිහීමෙන් විපක්ෂය ප්‍රබල වීමටත් ආණ්ඩු බලය අහිමිවන ආකාරයේ කටයුතු නිර්මාණය වීමටත් යුරේනස්ගේ වෘෂභ රාශි ගතවීම හේතුවකත් වනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: