hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 04, ප.ව. 9:48



කළුබෝවිල ශික්ෂණ රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි නිවුන් දරුවන් දෙදෙනා මියයාමේ සිද්ධියක් කැස්බෑව ප්‍රදේශයෙන් වාර්තා වුණා.

රෝහලේ කාර්ය මණ්ඩලයේ නොසැලකිල්ල මීට හේතු වූ බවයි, එම දරුවන්ගේ මව්පියන් චෝදනා කළේ.

කැස්බෑව, හොන්නන්තර සර්වෝදය මාවත ප්‍රදේශයේ පදිංචි අකිලා බොනිපස් දරු ප්‍රසූතියක් සඳහා පසුගිය 08 වැනිදා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන් වුණා.

ඇය ඊට පසුදින නිවුන් දරුවන් ප්‍රසුත කර තිබූ අතර, එම දරුවන් නොමේරූ ළදරු ඒකකයට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඉන් පිරිමි දරුවා පසුගිය 18 වැනිදා මියගොස් තිබූ අතර ඒ සම්බන්ධයෙන් වෛද්‍යවරුන් පවසා ඇත්තේ, ශ්වසන අපහසුතාවක් හේතුවෙන් දරුවා මියගොස් ඇති බවයි.

මේ එහිදී සිය අදහස් පළ කළ මිය ගිය දරුවන්ගේ මව..

‘මේ මගේ දෙවැනි දරු උපත. මීට පෙර පුතෙක් ඉන්නවා. 9 දා නිවුන් දරු උපතින් දුවෙක් සහ පුතෙක් ලැබුණා. මගේ පළමු බබා 19 දා මියගියා. ඊට පස්සෙ හිත හදා ගත්ත තව දරුවෙක් ඉන්න නිසා එයාව හදාගෙන ජීවත් වෙනව කියල. ඒ බබා උපත ලැබූ දිනයේ සිට ඉතා හොඳ මට්ටමක සිටින බවයි වෛද්‍යවරුන් කීවේ. බබාගේ බර තමයි අඩු. ඒ නිසා සති 34 සම්පූර්ණ වන තෙක් රෝහලේ ඉන්න වෙනවා කියලයි රෝහලෙන් අපට කීවෙ. ඒ අනුව බබා නොමේරූ ළදරු ඒකකයේ හිටියා. ඒත් 23 දා උදේ බබාට කිරි දෙන්න ගියාම බබා පෙන්නන්න බෑ කිව්ව. ඇයි ඇහුවාම හේතුවක් කීවෙ නෑ. පස්සෙ තමයි 22 දා රෑ එකපාරටම දරුවාට උණ ඇවිත් ලේ මට්ටම අඩු වෙලා හදවත නැවතුණා කියල කිව්වෙ. අනේ එයාට කිසිම ලෙඩක් තිබුණේ නෑ. එයා හොඳයි කියලනෙ දොස්තරෙවරුන් මාත් එක්ක කිව්වේ. ඇයි මට මෙහෙම වුණේ. මේක ගැන අ‍ෙට සැකයි. ඒ නිසා මේ ගැන පරීක්ෂණයක් කරන්න. තවත් අම්ම කෙනෙකුට මෙවන් දුකක් වෙන්න ඉඩ තියන්න එපා. මේක අසාධාරණයක්. ඒ ගැන පරීක්ෂණයක් කරන්න…’

පසුගිය දිනෙක මේ දරු පැටවුන් දෙදෙනාගේ මෘත දේහය කොහුවල පොදු සුසානයේ දී මිහිදන් කෙරුණා.

ඒ නමුත් ඒ අවාසනාවන්ත සිදුවීම මේ මොහොතෙත් සමාජ මාධ්‍ය උණුසුම් කරමින් පවතිනවා.

මේ වන විටත් මරණය වෙනුවෙන් සාධාරණය ඉල්ලා මුහුණු පොතේ බොහෝ පිරිසක් සංවේදී සටහන් මෙන්ම වීඩියෝ පට ද එක්කර තිබෙනවා.

‘දෙයියනේ… අනේ ඒ අම්මට හිත හදාගන්න ශක්තිය ලැබේවා !! පුංචි පැටව් දෙන්නට මතු උපදින කිසිම ආත්මෙක අකල් මරණ නොවේවා’





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: