hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 24, පෙ.ව. 12:04



මියයන දවස ප්‍රකාශ කිරීමේ හැකියාව ඇති ඩූම් කැල්කියුලේටර් නම් කෘතිම බුද්ධි ඇල්ගොරිතමයක් ගොඩ නැගීමට පර්යේෂකයන් කණ්ඩායමක් සමත්ව තිබෙනවා.

ඩෙන්මාර්කයේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ පර්යේෂකයන් කණ්ඩායමක් විසින් මෙම ඇල්ගොරිතමය ගොඩනගා තිබෙනවා.

ඩෙන්මාර්ක රජයද මෙම පර්යේෂණයට සහාය දක්වා ඇති අතර රජය මගින් ලබා දුන් මිලියන 6 ක ජනතාවගේ දත්ත ඩූම් කැල්කියුලේටර් වෙත පර්යේෂකයන් ඇතුලත් කර ඇත.

එහිදී එම දත්ත විශ්ලේෂණය කිරීමෙන් ඩූම් කැල්කියුලේටරය බොහෝ දේ ඉගෙන ගෙන තිබේ. එලෙස ලබා ගත් දැනුමෙන් පුද්ගලයන්ගේ ජීවිත ගමන් කරන දිශාව පිළිබඳ අනාවැකි පළ කිරීමට ඩූම් කැල්කියුලේටරය ඉගෙන ගෙන ඇත.

පර්යේෂණයට සහභාගී වී 2020 වසර වනවිට මියයන බවට ඩූම් කැල්කියුලේටරය අනාවැකි පළකල අයගෙන් සියයට 78 කට ලබා දුන් අනාවැකි සාර්ථක වූ බව පර්යේෂකයන් කණ්ඩායම ප්‍රකාශ කළා.

නමුත් කිසිම විටකත් එම පුද්ගලයන් මියයන බවට ඩූම් කැල්කියුලේටරය ලබා දුන් දිනයන් එම පුද්ගලයන්ට නොදැන්වූ බවද පර්යේෂකයෝ පැවැසූවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: