hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 06, පෙ.ව. 12:07



ජනප්‍රිය නළු ධනංජය සිරිවර්ධනගේ පියා වුණ සුනිල් සිරිවර්ධන මහතා අභාවප්‍රාප්ත වූ බව අපි ඔබට කිව්වා මතක ඇති..

ඔහුගේ අවසන් කැමැත්ත පරිදි ඔහුගේ දේහය වෛද්‍ය විද්‍යාලයකට භාර දුන්නා.

පියාගේ වියෝගයෙන් සංවේදී වුණු ධනංජය සිය දියණියද අතැතිව පියා දෙස බලා සිටින ඡායාරූපයක් සමග සංවේදී සටහනක් සිය මුහුණ පොතට එක් කර තිබුණා.

ඒ ඡායාරූපයට බොහෝ දෙනෙක් ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ධනංජය සිය පියා ගැන මතක අවදි කරමින් තම ආදරණීය පියාණන් ගැන සඳැල්ලට කියා සිටියේ මෙලෙසිනි.

පුතාලා දෙන්නව ක්ෂේත්‍රයට හදුන්වලා දීලා තියෙන්නෙ තාත්තා?

“අනිවාර්යයෙන්ම ඔව්. අපි දෙන්නා විතරක් නෙවෙයි, අපේ ලොකු අයියා මංජුල සිරිවර්ධන හිටියේ වසර 20ක් විතර විදේශගතවෙලා. එයා අතිදක්ෂ චිත්‍ර ශිල්පියෙක්. තාත්තාගෙ තිබූ සැඟවුණු කුසලතාවයක් වන ‘චිත්‍ර කලාව” පිහිටලා තියෙන්නෙ මංජුල අයියට. තාත්තාගේ අත් අකුරු හරි විශේෂයි. ඒ නිසා ඒ දිනවල පරිගණකයට තාත්තාගෙ අකුරු නිර්මාණයෙන් + ෆොන්ට් එකක් පවා හඳුන්වලා ක්ෂේත්‍රවල දීලා තිබුණා. ඒ විදියට ක්ෂේත්‍ර ගණනාවකට දායකත්වය ලබා දුන් තාත්තා ඒ අවසාන වැඩසටහන් වෙතින් තමන්ගෙ දරුවන් තුන්දෙනා හඳුන්වා දීම. කරළියට ගෙන ඒම විශේෂ දෙයක්. ඒක බොහෝ දෙනා නොදන්නෙ, තමා කළ දේ ගැන උදම් ඇනුව කෙනෙක් නොවූ නිසයි. කොල්ලො තුන්දෙනා ක්ෂේත්‍ර තුනකින් ජාතික මට්ටමට ගියේ තාත්තා ලබාදුන්න ඒ ශක්තියෙන්. අන්න ඒ නිසා තමයි මම තාත්තාව හඳුන්වන්නෙ, මේ තමයි අපේ ” සමනළ කන්ද” කියලා. සියලු ගංගා පටන් ගන්නෙ සමනළ කන්දෙන්. ඒ වගේ අපේ පවුලේ අපි කරළියට ගෙනා, අපි බිහි කළ අපේ සමනළ කන්ද අපේ තාත්තා. ඒ වගේම අතීතයේදී තාත්තා නළුවකු ලෙස එදිරිවීර සරච්චන්ද්‍ර ශුන්ගෙ පේමතෝ ජායතී සෝකෝ නාට්‍යයෙත් රඟපාලා තියෙනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: