hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 පෙබරවාරි 18, පෙ.ව. 12:02



ඩිල්කා සමන්මලී කියන්නේ  මාධ්‍ය ක්ෂේත්‍රය තුළ බොහෝ දෙනෙක්ගේ ආදරය ආකර්ෂණය දිනාගෙන දක්ෂ ලෙස නිවේදිකාවක් විදිහට ඉදිරියට ආපු තරුණියක්.ඇය දෙරණ නාලිකාවත් එක්ක එකතු වෙලා නිවේදන කාර්යය තුළ නිරත වුණා වගේම ප්‍රසිද්ධ දේශපාලන වැඩසටහනක නිවේදිකාවක් විදිහට කටයුතු කළා.

ඇයගෙ චතුර කථිකත්වය නිසාම බොහෝ අවස්ථාවන්වලදී දේශපාලනඥයන් පවා ඇය අහපු දේවල් වලට නිරුත්තරව ගල් ගැහුණු අවස්ථා තිබුණා.ඇය ගැන කතාකරද්දි මේ වෙද්දි ආදරණීය දරුවන් තිදෙනකුට මවක් වන ඇය පෞද්ගලික ජීවිතය තුළත් ඉතාමත් සාර්ථක ගෘහණියක් බිරිඳක් ඒ වගේම ආදරණීය මවක් විදිහට වැඩ කටයුතු කරනවා.

ඩිල්කා ගැන මේ දවස් වල බහුතරයක් දෙනා කතාබහ කරන්න පටන් ගත්තේ ඇය රට අතහැර යන්න සූදානමකින් ඉන්නවා කියන කාරණාවත් එක්කයි.ඇත්තටම ඇයගේ දෙමව්පියන් ඉන්න රටටම තමයි ඇය යන්න සූදානම් වෙන්නේ.හැමදේටම කලින් දරුවන්ගේ අනාගතය ගැන දැන් හිතන්න කාලය ඇවිල්ල නිසා ඇය මේ තීරණය ගත්තා කියලත් සඳහන් කළා.ඒ සම්බන්ධයෙන් ඩිල්කා කිව්වේ මේ වගේ කතාවක්.

“මේක සමුගැනීමට සුදුසු කාලය කියලා හිතුනා.මගේ සර්විස් එකට දැන් අවුරුදු දහ අටක්.දැන් ඇති නේද.තව අය ඉන්නවා නේද අවස්ථාව ලැබෙනකන් කියලත් හිතුනා එයාලටත් අවස්ථාවක් දීලා යනවා.ඒ නිසා දුක අඩුයි.ඒ වගේම මට හිතෙනවා එපා වෙන්න කලින් විශ්‍රාම යන එක හොඳයි කියලා.එතකොට ඉතිරි වෙන මතකය ගෞරවනීයයි”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: