hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 මැයි 23, පෙ.ව. 12:01



හෝමාගම හිරිපිටිය බෝගහවිල පාරේ දෙමහල් නිවසක ඉහළ මහලෙන් බිමට පැනීමේ දී ආරක්ෂිත තාප්පයේ සවිකර තිබූ යකඩ කූරක් උදරයේ ඇනී බරපතළ තුවාල ලැබූ තරුණියක් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කොට එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 19 වනදා රාත්‍රීයේ මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ පාදුක්ක පදිංචි, දිමානි හිමංසා නම් 21 හැවිරිදි තරුණියකි.

අදාළ තරුණිය නිවසේ පුද්ගලයින් දෙදෙනෙකු සමග මත්ද්‍රව්‍ය ලබාගන්නා බවට එහි සිටි එක් පුද්ගලයකුගේ බිරිඳක් කරන ලද පැමිණිල්ලකට අනුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම කාන්තාව සමඟ නිවස පරීක්ෂා කිරීමට යන අවස්ථාවේ දී නිවස ඉදිරිපිටට ආ පොලිසිය දැක කලබල වූ තරුණිය ඉහළ මහලේ සිට පොලිසිය පැමිණීමට පෙර බිමට පැන පළායාමට උත්සාහ දරා ඇති බව පරීක්ෂණයේ දී අනාවරණය වුණා .

මෙම නිවසේ තාප්පයේ සොරුන්ගෙන් ආරක්ෂාවීම සඳහා උල් සහිත යකඩ වැටක් සවිකර තිබූ අතර ආරක්ෂිත තාප්පයේ සවිකර තිබූ යකඩ කූරුවල උදරය ඇනී බරපතළ තුවාල සිදුවී ඇය මරණයට පත්වූ බව වාර්තා වී තිබෙනවා.

එසේම, එම ස්ථානයට පොලිසිය යන අවස්ථාව වන විටත් තරුණිය කම්බි කූරුවල එල්ලී සිට ඇති අතර ක්ෂණිකව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් 1990 සුවසැරිය ගිලන් රථයක් ගෙන්වා අධික ලෙස රුධිරය වහනය වෙමින් බරපතළ තුවාල ලබා සිටි ඇයව ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කොට ඇති අතර එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙලස මියගොස් තිබුණා.

ඒ අනුව, සිද්ධිය වූ අවස්ථාවේ රැඳී සිටි පැමිණිලිකාර කාන්තාවගේ සැමියා සහ ඔහුගේ මිතුරා අත්අඩංගුවට ගෙන හෝමාගම අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කිරීමේදී එක් අයකු අයිස් මත්ද්‍රව්‍ය ද අනෙත් පුද්ගලයා ගංජා පානය කර ඇති බවට තහවුරු වී තිබුන අතර .අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වුණා.

මරණයට හේතුව කුමක් වුවත් මේ සුන්දර රුවැත්තිය සමාජ මාධ්‍යයේ කාගෙත් ආදරයට පාත්‍රව තිබුණා.

”නිවන්සුව අක්කේ Dimagi

තාමත් හිතාගන්න බෑ මෙහෙම දෙයක් වුනාද කියලා

කවුරුත් news එක දැක්කාට ඔයා ඒ තත්වෙට වැටුනේ කොහොමද කියලා කවුරුත් හොයන් නෑ.

කෙල්ලෙක් වෙලත් ජීවිතේ ගොඩදාගන්න සෑහෙන්න මහන්සි වුණා මං දැකලා තියනවා.

මං කියලත් තියනවා ඔයාට. ඔයා මාරයි අක්කේ. ඔන්ලයින් බිස්නස් ,මොඩ්ලින්,තව ඩ්‍රසින් කරනවා. ඔක්කොම කරනවා නේද.

ඉක්මනින් ගොඩයන්න ලැබෙන්නම ඕනි කියලා

තාම shock මට මේ නිව්ස් එක අහලා

ඔයාගේ හොද හිත ඔයා හොද තැනකට ගෙනියයි අක්කේ. නිවන් සුව”

දිමා නමින් ලියවෙන සටහන් බොහෝයි. ඇගේ හොඳ හිත ගැන ලියවෙන කතා බොහෝයි.

ඒ අතර ඇය කියා දී ගිය පාඩමේ වටිනාකම ඊට වැඩියි…..

”හරි කෙනා හරි සමාජේ හරි යාලුවෝ මුණ ගැහුනනම් අද මෙහෙම වෙන්නේ නෑ

ලස්සන රූපයක් ලස්සන හිනාවක් තියුනු ඇස් දෙකක්..

අද එලෙස යන්න ගිය…. නිවන් සුව සොයුරිය…”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: