hit counter

2024 මැයි මස 10 වන සිකුරාදා

2024 අප්‍රේල් 28, පෙ.ව. 12:07



සාරංග දිසාසේකර වගේම ප්‍රියසාද් පවුලේ වැඩිමහල් දියණිය වන දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ සමාජ මාධ්‍යජාලා තුළ නිරන්තරයෙන්ම කතාබහට ලක්වෙන ආදරණීය යුවලක් බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ.

ඉතින් මේ වන විට සුරතල් සිඟිති දියණියකගේ දෙමව්පියන් වන මේ යුවල රංගනයෙන් පොඩි විරාමයක් ලබාගෙන දැන් නැවතත් රංගනයට සම්බන්ධ වෙලා ඉන්නවා.

කොහොම නමුත් සමාජ මාධ්‍ය හරහා සාරංගට සහ දිනක් සිට දෝෂාරෝපණ එල්ල කරපු විශාල පිරිසකුත් හිටියා.

බනින අයට බනින්න ඉඩ දීලා  තමන්ගෙ පාඩුවෙ ජීවිතය සුන්දරව ගත කරපු මේ දෙන්නා මේ වෙද්දි ආදරණීය සිඟිති දියණියකගේ දෙමව්පියන් වෙන්නත් වාසනාවන්ත වුණා.

දිනක්ෂි නිතරම සමාජ මාධ්‍යවල ඔවුන්ගේ ජීවිතේ එදිනෙදා වැඩකටයුතු ගැන වීඩියෝ වගේම ඡායාරූප පළ කරන නිසාම සමාජ මාධ්‍යවල ප්‍රේක්ෂකයන් අතර ඇය හරිම ජනප්‍රියයි.

මේ දවස්වල, ජනප්‍රිය නිළි දිනක්ෂි ගැන ආයෙමත් වැඩියෙන් කතාබහට ලක්වෙන්න අරන්.

ඊට ආසන්නතම හේතුව ඇගේ අපූරු රංගනයෙන් හැඩවෙන, නුදුරේදී ම තිරගත වීමට නියමිත “විසල් ආදරේ” සිනමා සිත්තම.

ඔය විදියට දිනක්ෂිගේ විලාසිතා කතාබහට ලක්වුණු පළවෙනි වතාවත් මේක නෙවෙයි.

සෑහෙන වාර ගණනක් ඇයගේ විලාසිතා බුකියේ විනිශ්චයට ලක්වෙලා ඇති.

තමන්ගේ විලාසිතා විවේචනය වන තැන්වලදි දිනක්ෂි උත්තර දුන්නු තැනුත් නැතුවාම නෙවෙයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: