hit counter

2026 ජනවාරි මස 08 වන බ්‍රහස්පතින්දා

2023 ජූනි 27, පෙ.ව. 12:27



ලෝකේ හැමෝම කතා කරන ජනප්‍රිය පවුල් අතර ප්‍රියසාද් පවුල කියන්නේ හැමෝම ආදරේ කරන ජනප්‍රිය තරු රැසක් නියෝජනය කරන පවුලක්.

මේ පවුලේ තාත්තා දිනේෂ් ප්‍රියසාද් අපේ රටේ ජනාකර්ෂණීය සිනමාවේ අධ්‍යක්ෂවරයෙක්.

දිනේෂ්ට ඉන්නේ දියණියන් තුන්දෙනෙක්.

නමින් හදුන්වාදෙන්න අවශ්‍ය නැහැ.

ඒ තුන්දෙනාම ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම ගිහින් ඉන්න තාරකා තුනක්.

දිනේෂ් ප්‍රියසාද් ඔහුගේ බෑනාවරුන්ට කෙතරම් ඇලුම් කරනවාද කියලා මාධ්‍යයට මීට කලින් කියලා නැහැ.

පසුගිය සතියේ හිරු කොපිචැට් වැඩසටහනට එක් වුණු දිනේෂ් බෑනලාට කොයිතරම් ආදරෙයිද කියලා කිව්වේ ඔහුගේ වැඩිමහල් දියණිය දිනක්ෂි.

“විවාහ වෙන්න යද්දි අපි හොයන්නේ අපි ජීවත් වෙච්ච පරිසරයට සමාන පරිසරයක ජීවත් වෙන්න තිබුනා නම් හොඳයිනේ. මම ලැයිස්තුවක් හදාගෙන තාත්තාගේ මේ ගතිගුණය මේ ගතිගුණ හොඳයි කියලා සාරංගත් එක්ක සංසන්දනය කරන්නේ නැහැ. නමුත් දැන් තාත්තිගෙයි සාරංගගෙයි සමාන ගති ගොඩක් තියෙනවා.

ඒ දෙන්න හරි එකතුයි. තාත්තා ගෙදරදි වුණත් මට වැඩිය ආදරේ සාරංගට. බෑණලා ඔක්කොට මෙහෙම ආදරෙයි එයා. තාත්තිගෙ ගතිගුණ ගොඩක් සාරංගට තියෙනවා. එ‍ය දැන් බලන් ඉන්නේ දිනේෂ් කොයිවෙලේද අපේ පවුලට හරියට එකතු වෙන්නේ කියලා. එතකොට එයාගේ ඒකත් හරි..”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: