hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2024 මාර්තු 01, පෙ.ව. 8:19



එංගලන්තයේ පදිංචිව සිටි 16 හැවිරිදි ශ්‍රී ලාංකික සිසුවෙකු මීට මාස කිහිපයකට පෙර සියදිවිනසාගත් බවට එරට  මාධ්‍ය වාර්තා කර තිබූ අතර එසේ ජීවිතය නැතිකරගන්නට හේතුවී ඇත්තේ ඔහුගේ නිරුවත් ඡායාරූප බ්ලැක්මේල් කිරීමට අන්තර්ජාලය ඔස්සේ උත්සාහ දැරූ අයකු නිසා බවට දැන් සොයාගෙන තිබෙනවා.

16 හැවිරිදි ඩිනාල් ද අල්විස් ඔක්තෝම්බර් මාසයේදී දකුණු ලන්ඩනයේ සූටන්හිදී සියදිවි නසාගෙන ඇති බව වාර්තා වුණා.

ප්‍රමුඛ පෙළේ පෞද්ගලික පාසලක දක්ෂ පාපන්දු ක්‍රීඩකයෙකු සහ රග්බි ක්‍රීඩකයෙකු වන 16 හැවිරිදි ඩිනාල් ද අල්විස්  මෙම ඛේදජනක ඉරණමට මුහුණ පෑවා.

කේම්බ්‍රිජ් හි අධ්‍යාපනය ලැබීමේ බලාපොරොත්තුවෙන් ඔහු පාසල් අධ්‍යාපනය කරගෙන ගිය අතර ඩිනාල්හට ඔහුගේම නිරුවත් ඡායාරූප දෙකක් එවා ඇති අතර පවුම් 100ක් නොගෙවන්නේ නම්,  ඒවා ‘ඔහුගේ මිතුරන්ට’ යවන බව පවසමින් ආ Snapchat පණිවිඩයක් ඔහුගේ මෙම මරණයට වගකිව යුතු බව පරීක්ෂණ වලදී අනාවරණය වී තිබෙනවා.

මෙට්‍රොපොලිටන් පොලිස් පරීක්‍ෂණයකින් හෙළි වූයේ ඔහුගේ මරණයට පැය කිහිපයකට පෙර, ඩිනාල්ට නිරුවත් ඡායාරූප දෙකක් යවන බවට තර්ජනය කළ පුද්ගලයෙකුගෙන් කෙටි පණිවිඩ ලැබී ඇති බවයි.

මෙම සිදුවීම පසුපස සිටින පුද්ගලයාතම ස්ථානය වසං කිරීම සඳහා අතථ්‍ය පුද්ගලික ජාලයක් (VPN) භාවිතා කරමින් සිටි නමුත් රහස් පරීක්ෂකයින් විශ්වාස කරන්නේ ඔහු “බොහෝ විට නයිජීරියාවේ සිටින” අයෙකු විය හැකි බවයි.

නයිජීරියාවේ සිට යොමු කර තිබෙන මෙම පණිවිඩයේ ඔහුගේ නිරුවත් ඡායාරූප වල සාම්පල අමුණා එවා තිබුණ බවත් ඒ පණිවිඩ යොමු කළ ලිපින සොයාගන්නට අපහසු ලෙස වීපීඒන් මාර්ගගත ඛේත ඔස්සේ සම්බන්ධ වී ඇති බව ස්නැප්චැට් ආයතනය දන්වා තිබෙන බවත් පරීක්ෂණ පවත්වන ඒංගලන්ත පොලිස් නිලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.

ඇතිවූ ලජ්ජාව නිසා තම නිවස හැර ගොස් සියදිවි නසා ගැනීමට සැලසුම් කර ඇති  සිසුවා ඊට පෙර  කෙටි වීඩියෝවක් පටිගත කර ඇත.

තම පුතා අතුරුදහන් වූ රාත්‍රියේ දී , ‘තමාට හා තම බිරිඳට ආදරෙයි කියලා පණිවිඩයක් එවූ බවත්,  ඔහු ඔහුගේ සහෝදරයන් දෙදෙනාට ආදරය කරන බවත්, “අම්මා සහ තාත්තා ගැන බලාගන්න” යනුවෙන් පවසා ඇති බවත්, ඩිනාල්ගේ පියා වන කෞෂල්‍ය ද අල්විස් මහතා පැවසුවා.

ඩිනාල් ක්‍රොයිඩන්හි විට්ගිෆ්ට් පාසලේ ශිෂ්‍යයෙක් වූඅතර,   දකුණු ලන්ඩනයේ නවාතැන්ගෙන සිට ඇත්තේ නවාතැන් ගාස්තු පවුම් 48,000 ක් පමණ ගෙවමිනි.

ඔහුගේ GCSE සාර්ථක වීමෙන් පසු ඔහු ජාත්‍යන්තර උපාධිය සඳහා ඉගෙනීමට පටන් ගෙන ඇති අතර,  ඉංග්‍රීසි සහ ආර්ථික විද්‍යාව විෂයන් සම්බන්ධයෙන් පාසලේ ඉහළ ලකුණු ගත් අය අතර සිටියා.

ඔහු කේම්බ්‍රිජ් හි වැඩිදුර ඉගෙනීමට සම්මුඛ පරීක්ෂණයටද එහිදී ඔහු ආර්ථික විද්‍යාව සමඟ ඉදිරියට යාමට බලාපොරොත්තු විය.

නමුත් 2022 ඔක්තෝම්බර් මාසයේදී නිවසේ රාත්‍රී ආහාරයෙන් පසු , ඔහු අසාමාන්‍ය ලෙස තම මවට පවසා ඇත්තේ ‘තමාට තනිව සිටීමට’ අවශ්‍ය බවය.

පර්යේෂණයන්ගෙන් පෙනී යන්නේ , ඔහුට අලුයම 1 ට පමණ නයිජීරියාවේ සිට  නිරුවත් ඡායාරූප දෙක එවා ඇති බවයි .  ඇතැම් විට බලපෑම්කරන්නා සමග පෙර සම්බන්ධතා පවත්වන්නට ඇති බව නිලධාරීන් විශ්වාස කරයි.

සවුත් ලන්ඩන්  අධිකරණයට ඉදිරිපත් කරන ලද සාක්ෂි අතර බලපෑම් කරන්නා එවා තිබූ පනිවිඩද විය. එම පණිවිඩ මගින්, ‘ඔයා හිතන්නේ අවහිර කිරීමෙන් මාව නවත්වන්න පුළුවන් කියලද ?  මම මේ පිංතූර ඔයාගේ සියලුම යහළුවන් වෙත යවන්නද? ඇයි ඔයාට බැරි මට මුදල් දෙන්න?

ඩිනාල් මෙම පණිවිඩයන්ට දක්වා ඇති ප්‍රතිචාරයන්ගෙන් පෙනී යන්නේ,  ඒ වන විටත් පින්තූර බෙදා හැර ඇතැයි ඩිනාල් උපකල්පනය කළ බවයි.

ඔහු අලුයම 2 ට නිවසින් පිටත්ව ගොස් වීදියක ඇවිද යන කෙටි වීඩියෝවක් පටිගත වී ඇත. පැයකට වැඩි කාලයකට පසු ඔහු බිම වැටී මිය ගිය සිටියදී ඔහුගේ සිරුර සොයා ගන්නා ලද අතර, එය සීසීටීවී කැමරාවල සටහන් විය.

පොලිසිය සහ ජාතික අපරාධ ඒජන්සියට ඩිනාල්ට තර්ජනය කරන ලද පුද්ගලයා සොයා ගැනීමට නොහැකි වූ නමුත්,  ඔහු නයිජීරියාවේ සිට ක්‍රියාත්මක වූ බව පමණක් සොයාගෙන ඇත.

මියගිය සිසුවාගේ පියා  හදිසි මරණ පරීක්ෂකවරයාට පවසා ඇත්තේ,  

‘අපි ආවේ ලංකාවෙ ඉදලා. එයා ඉංග්‍රීසි භාෂාවට දක්ෂයි කියලා අහලා අපි ආඩම්බර වුණා. ඔහු නිර්භීත යි. පුතා විට්ගිෆ්ට් පාසලේ පාපන්දු සහ රග්බි කණ්ඩායම් සඳහා ක්‍රීඩා කළා. එයා කවදාවත් අපෙන් කිසිම දෙයක් ඉල්ලුවේ නැහැ. ඔහු සෑම විටම තමා සතු දෙයින් සතුටු වුණා. මේ ප්‍රශ්නයේදීවත් ඔහු කිසිම ආකාරයක අසතුටක් අපිට පෙන්නුම් කළේ නැහැ. මම හිතන්නේ ඔහුට අවශ්‍ය වුණේ ප්‍රසිද්ධියට යන පින්තූරවලින් සිදුවන ලැජ්ජාව වළක්වා ගන්න. ”  ලෙසය.

ද අල්විස් මහතා පවසන්නේ , ඩිනාල් ගැහැණු ළමයෙකු සමඟ චැට් කරමින් සිටියදී මෙම ඡායාරූප ගන්නට ඇතැයි තමා සිතන බවත්, ඒවා පසුව වැරදි පුද්ගලයෙක්  අතට පත් වූ බවත්ය.

මෙම බලපෑම්කරන්නන් අන්තර්ජාලය හරහා ආකර්ශනීය ගැහැණු ළමයින් ලෙස පෙනී සිටින අතර, කාමුක පින්තූර යවා පුද්ගලයන්ගේ නිරුවත් ‘ඡායාරූප’ ඉල්ලා , පසුව එම පිංතූර රහසිගතව තබා ගැනීමට මුදල් ඉල්ලා සිටියි.  ද අල්විස් මහතා පැවසුවේ ‘ඩිනාල්ට පෙම්වතියන් කිහිප දෙනෙක් සිටි බවද පුතු තමා සමඟ පැවසූ බවයි.

‘මම ඔහුට අවවාද කළා පරිස්සම් වෙන්න කියලා.  මම මගේ බාල පුතා ගැන ඉතා දුකයි.  ඔහු මේ සියලු සමාජ මාධ්‍යවල ලොකු කාලයක් ගත කරනවා.  ඒවා තුළ දී තරුණයින්ට ඔවුන් වටා ඇති අන්තරායන් තේරෙන්නේ නැහැ. මෙම සමාජ මාධ්‍ය නිරීක්ෂණය කිරීමේ ක්‍රම තිබිය යුතුයි වගේම  දෙමාපියන්ට දරුවන්ගේ සමාජ මාධ්‍ය වෙත ප්‍රවේශ වීමේ හැකියාව තිබිය යුතුයි. වෙන කාටවත් මෙහෙම දෙයක් වෙනවට මම කැමති නැහැ.’ යනුවෙන් ඩිනාල්ගේ පියා පැවසුවා.

සිදුවීමට අනුව 2022 ඔක්තෝබර් 27 වැනි දින අලුයම 03.35 ට ලන්ඩන් ගිලන්රථ සේවය කැඳවා ඇත. ඔවුන් විනාඩි 10 කින් පැමිණ CPR ආරම්භ කළ නමුත් ඩිනල් 04:07 ට මිය ගිය බව ප්‍රකාශ විය.

 තීන්දුව විස්තර කරමින් පොලිසිය පවසන්නේ CCTV, iMessages සහ  ඔහු විසින් කරන ලද Google සෙවීම් මෙන්ම  ඔහු තම පවුලට යැවූ සමුගැනීම් ඇතුළුව මෙම පරීක්ෂණයේදී ඉදිරිපත් කරන ලද සොයාගැනීම් මත පදනම්ව, ඔහු සියදිවි නසා ගැනීමට අදහස් කළ බව පෙනී යන බවත් ය.

මරණ පරීක්ෂණයෙන් ඩිනාල්ගේ මරණය සියදිවි නසාගැනීමක් බවට තීන්දු විය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: