hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 08, ප.ව. 4:45



කලා ලෝකය තුළ ජනප්‍රියතාවයට පත් වෙච්චි කොයි කවුරුත් අතර කතාබහට ලක්වුණු අපූරු පවුලක් තමයි ප්‍රියසාද් පවුල කියලා කියන්නේ.

ඉතින් මේ පවුලේ ආදරණීය සහෝදරියන් තුන්දෙනා ගැන කතා කරද්දී ඔවුන් පිළිබඳව ලංකාවේ නොදන්න කෙනෙක් නැහැ.

මේ දියණිවරුන් තිදෙනාගේ ආදරණීය පියා චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් නිසා නිතැතින්ම ඔවුන්ටත් කලා ලෝකයේ දොරගුළු විවර වෙනවා.

මේ අපූරු සහෝදරියන් අතරින් ශනුද්‍රි ප්‍රියසාද් කියලා කියන්නේ පවුලේ බඩපිස්සි.

රංගන ශිල්පිනියක් වශයෙනුත්, නර්තන ශිල්පිනියක් සහ නිවේදිකාවක් වශයෙනුත් විවිධ දක්ෂතාවයන් ඔස්සේ කලා ක්ෂේත්‍රයේ නමක් රඳවා ගන්න ඇය දක්ෂ වෙලා තියෙනවා.

මේ වෙද්දි ටෙලිනාට්‍ය ගණනාවකටම තමන්ගේ රංගන දායකත්වය ලබා දී තිබෙනවා.

ඇය රඟපෑ ටෙලි නාට්‍ය අතර “දෙවැනි ඉනිම” ටෙලිනාට්‍යයේ ඇගේ චරිතය ගොඩක් දෙනෙක් අතර ප්‍රසිද්ධ වුණා.

නමුත් මේ ටෙලි නාට්‍ය මෙගා ටෙලි නාට්‍යයක් නිසා එකෙන් ඉවත් වෙන්න ශනුද්‍රි තීරණය කරනවා.

හිරු නාලිකාවේ මේ දිනවල වැඩි වශයෙන් බොහෝ දෙනෙක් නරඹන “දිවිතුරා” ටෙලි නාට්‍යයේ “ඊෂා” නැමැති චරිතය නිරූපණය කරන්නේ ඇය විසින්.

සමාජ මාධ්‍ය තුළ වඩාත් කතාබහට ලක්වන ශනුද්‍රි – දිනේෂ් ප්‍රේම කතාව බොහෝ දෙනෙක්ට රහසක් වෙලා තිබ්බත්, දැන් නම් එහෙම නෙවෙයි.

මේ දෙන්නා එයාලගේ රහසිගත ප්‍රේම කතාව ගැන ප්‍රසිද්ධියේ නොකියා ඉන්න තරම් හරි පරිස්සම් වුණා.

දිනේෂ් ප්‍රසිද්ධ වෙන්නෙ ගීත වලින්, ඉතින් දිනේෂ් ගැන අනිත් අය අතරේ කතාබහ ඇති වුණේ කාලෙකට වතාවක් නිකුත් වෙන අතිශය ප්‍රසිද්ධ ගීත වගේම ශනූ එක්ක දින්නාගේ තියෙන ආදර සම්බන්ධයත් එක්කයි.

ඔහුගේ ජීවන සහකාරිය වෙන්න පෙරුම් පුරන ශනුද්‍රි අද උපන්දිනය සමරනවා.

ඉතින් ඒ දවසේ ඇයව පුදුම කරන්න දිනේශ් අමතක කරලා තිබුණේ නැහැ.

මේ බලන්නකෝ එයා ශනූව පුදුම කරලා තිබුණේ කොහොමද කියලා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: