hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 මාර්තු 10, පෙ.ව. 12:07



දිනේෂ් තරංග කියන්නේ සුන්දර කටහඬකට උරුමකම් කියන හැමදාමත් අලුත්ම වැඩකින් ප්‍රේක්ෂකයන් හමුවට ආපු ක්ෂේත්‍රයේ ඉන්න අතිශයින්ම දක්ෂ කලා තරුවක්.

එළිමහන් ප්‍රසංග වේදිකාව තුළ ඔහුගේ කටහඬ නැතුවම බැරිවෙලා.

දිනේෂ් කියන්නේ බොහොම දුෂ්කර ගමනක් තුළින්  ක්ෂේත්‍රයේ නමක් හදාගත්තු කෙනෙක්.

ඉතින් මේ හැම දෙයක් පස්සෙම ඔහුගේ පිටිපස්සෙන් හෙවනැල්ල වගේ හිටියේ ඔහුගේ ආදරණීය බිරිඳ.

දිනේෂ් සහ ඔහුගේ ආදරණීය බිරිඳ අතර ලොකු වයස් පරතරයක් තියෙනවා.

දිනේෂ් ඇයට වඩා ගොඩක් ලාබාල කෙනෙක්.

කොහොම නමුත් ඔවුන් දෙදෙනා හොද තේරුම් ගැනීමකින් යුක්ත ආදරණීය දරුවන් දෙදෙනා සමඟ ඉතාමත් සාර්ථක ජීවිතයක් ගත කරනවා.

ඔහු ද කලා කටයුතු පැත්තෙන් ගත්තත් සිය පෞද්ගලික ජීවිතය පැත්තෙන් ගත්තත් කාලයක් තිස්සෙ සමාජ මාධ්‍ය තුළ විවේචන ලබන අයෙක්.

ඒ සියල්ල නිහඬව දරාගෙන ඉන්න අවස්ථා වැඩි වුණාට, ඉඳලාම ඒවට උත්තර දෙන්නත් ඔහු අමතක කරන්නෙ නෑ.

එහෙම දුන්නු, තරමක දැනෙන උත්තරයක් තමයි මේ.

”කෙනෙක්ගේ මහන්සියට, කැපවීමට සහ උත්සහයට හිනාවෙන ජීවියෙකුට මම කීබෝඩ් එක පාවිච්චි කරලා දුන්න පිළිතුර වැරදි නෑ නේ…….

කීබෝඩ් වැඩ්ඩො සුළුතරේ පව්!!!!

අපි මේ මනුස්ස ජීවිතේට අර්ථයක් දීලා “මිනිස්සු” වෙන්න, උදේ හවස දුවනකොට, මේ ජීවියෝ ඒ උත්සහය බාල කරන්නේ ඇයි????

අපි කාටත් තහනමක් නෑනෙ අරමුණු තියාගන්න!!!!

එහෙම නේද………

පසුව ලියමි

මාව වචනවලට නවත්තන්න පුළුවන් මනුස්සයෙක් උනා නම් මම මැරුණු තැන්වල ගසුත් පැළවෙලා. මේක දැම්මේ මේ ටික කියන්නයි…..

“කෙනෙකුට අත දෙන්න…. හයියක් වෙන්න…. දිරි ගන්නවන්න බැරි නම් අඩුම ගානේ නිහඬව ඉන්න පුළුවන් ජාතියක් වෙමු”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: