hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූලි 25, පෙ.ව. 12:02



සමාජ මාධ්‍ය කියන්නෙ හොඳ, නරක සහ ධනාත්මක සෘණාත්මක ඕනෑම දෙයක් සැනින් හුවමාරු වන තැනක්.

සමහර දේවල් ගැන කිසිම හෙවිල්ලක් බැලිල්ලක් බහුතර සමාජ මාධ්‍ය පරිශීලකයින් තුළ ඇත්තේ ම නෑ.

දාන පෝස්ට් එකකින්, වීඩියෝවකින්, ඡායාරූපයකින්, කමෙන්ට් එකකින් විතරක් නෙවෙයි ඒවා හුවමාරු කරගැනීම තුළින් තවත් පාර්ශවයකට විය හැකි බලපෑම ගැන බොහෝමයක් පිරිස් හිතන්නේ ම නැති තරම්.

ඊට නිදසුන් සපයන කතාබහක් මේ මොහොතේත් සමාජ මාධ්‍ය තුළ දකින්න ලැබෙනවා.

එහෙම කතාබහට ලක්වන දිනිති ගැන මේ වෙද්දි කතාබහක් ඇතිවෙලා තියෙන්නෙ, ඈ නිර්මාණයකට දායක වුණු විඩීයෝවක් විකෘති කරමින් සකසන ලද ව්‍යාජ වීඩියෝවක් නිසාවෙන්.

මේ ගැන දිනීගේ ආදරණීය සැමියා සංගීත්, සිය ෆේස්බුක් ගිණුමට සටහනක් ද එක්කාසු කර තිබුණා.

ඒ, මෙවන් අකටයුතුකම් කරන පහත් මානසිකත්ව ඇති පුද්ගලයින් ගැන.

”ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වුණ “සුසුම් රස්තියාදුව” ටෙලි නාට්‍යයේ කොටසක් සහමුලින් විකෘති කරලා සමාජ මාධ්‍යට මුදාහැරලා පහත් සතුටක් ලබන්න පුලුවන් අවජාතක එවුන් අපි අතර ඉන්නවා කියන එක පුදුමයක් නෙමෙයි.

හැබැයි ඒවා Edit කියලා දැන දැනත් ඒක පිළිගන්න තියන අකමැත්තට පහත් මානසිකත්වයෙන් ඒක රස කර කර Comment and share කර කර ඒකෙන් විනෝද වෙන උන් මුලින්ම බලපන් උබේ හැලිලා තියෙන්නේ දෙකෙන් මොන එකද කියලා.

තමන් නොකරපු දෙයක් මෙහෙම විකෘති කළාම දැනෙන දේ තමන්ගෙ නංගිට තමන්ගේ කෙල්ලට වෙනකන් දැනෙන්නෙ නෑ.

ඒක උඹලට තවත් ආතල් එකක් විතරයි.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: