hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2024 ජනවාරි 15, ප.ව. 5:46



තමන් අවලෝකිතේශ්වර නමින් හඳුන්වා ගන්නා මහින්ද කොඩිතුවක්කු නමැති පුද්ගලයා රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පන්නිපිටිය ප්‍රදේශයේ සිටියදී රහස් පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ලැබී පැමිණිලි කිහිපයනට අදාළව සිදු කරන විමර්ශනයන්ට අදාළවයි.

මේ වන විට ඔහුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණ විසින් රටින් පිටවීම තහනම් නියෝගයක්ද නිකුත් කර ඇත.

මොහු පිළිබඳව පරීක්‍ෂණයක් ආරම්භ කරන ලෙස බෞද්ධ කටයුතු පිළිබඳ කොසසාරිස් ජෙනරාල්වරයා ඇතුළු පාර්ශව කිහිපයක්ම රහස් පොලිසියට පැමිණිලි කර ඇත.

මේ වන විට යූටියුබ් නාලිකා ගණනාවක් පවත්වාගෙන යන මහින්ද කොඩිතුවක්කු අත්අඩංගුවට පත්වීමට පැය ගණනාවකට පෙරත් නවතම වීඩියෝවක් යූටියුබ් අවකාශය වෙත මුදා හැර තිබුණා.

එහි ඔහු කියන කතාව පහතින්,

‘ලංකාවේ ලක්ෂ 40ක විතර සුනඛ ප්‍රජාවක් ඉන්නවා, හතර ගාතෙන් ඇවිදින… අන්න උන්ට මට ආප්ප ටිකක් අරන් දෙන්න අවශ්‍යතාවයක් තියනවා. ඔය නඩු හබ කියපු කට්ටිය සහ නොදන්න පද.. අදාළ නැති දේවල්…. ඇදලා අරන් කතා කරපු මාධ්‍ය කළඹපු භික්ෂුන් වහන්සේලා සහ මයික් අල්ලපු මාධ්‍ය නාලිකා ලෑස්ති වෙලා ඉන්න, අවලෝකිතේශ්වර ආප්ප අරන් දෙනවා….’

‘මේවා තාර්කික සංවාද වලින් විසඳගන්න ඔිනි දේවල් නෙවෙයි. ඔහේලා යන ගමන බලන් ඉන්නෙ… මහා බෝධිසත්ත්වයාට ලක්ෂ තුනක පිරිවරක් ඉන්නවා. ඒ කට්ටිය නිහඬව බලන් ඉන්නවා. ඔය කතා කරන කට්ටිය… මගේ වොයිස් අරන් මටම ප්‍රහාර එල්ල කරන අය…’

‘හරියට වොයිස් එක ඇහුවොත් සුලු දිය පහවෙයි… සසර නිමාකරපු, මහා බෝධිසත්ත්වයාට කරපු නිගාවලට… කට්ටිය සල්ලි අතේ තියාගන්න. වන්දි ගෙවන්න වෙයි… සියලු දෙනාට හන්දියක් ගානේ හිඟා කන්නත් වෙයි…’

‘පවුලුත් ගාවගන්නවා. මගේ අම්මා… අර මනුස්සයට ඉන්න නොදුන්නට… ඒ ගෙදරට ගියාට. ගියපු ගියපු එකාට…… රාජකාරිය පවරපු එකාට… ලොකු වරදක් ක‌ළේ උඹලා… බොල අවුරුදු 12ක් ඉඳලා ලංකාවට ආවේ.. මට රට යන්න ඉඩ දෙන්න එාපලූ… මම හම්බකළේ මිනිස්සු වෙනුවෙන්. අන්න ඒ මිනිස්සු ඉස්සරහාට එලියට බහියි…’

‘මට කොච්චර නින්දා කළාම මාධ්‍ය ඉස්සරහා තියාගෙන. පරම්පරාවට ම උඹලා ගැහුවා.. මම ඊජිප්තුවේ ඉද්දි ඊජිප්තුවේ ප්‍රසිඩන්ටට කන් අඩි පාරක් ගහනවා… ඒක ඇත්තද අහනවා….. ඉන්කවර් එක කරන්න ඔිනි මෙහේද එහේද?? මම ඇවිල්ලා දවස් 13යි, මේ වොයිස් එක දානකොට… මෙන්න මේ ජනවාරි 1 වැනිදා ඉඳන් වරදක් වෙලා තියනවා නම් ඒකට නඩු දාපන්… බාල අපරාධයක් හරි මොකක් හරි…’

‘යශෝධරාවට කාලකණ්ණි ගැහැනියක් කිවුවා කියලා නඩුවක් ගොනු කරලා. යශෝධරා ව කාලකණ්ණි වෙන්නෙ ලෞකික සැප විඳින උන්ට. නිවන් දකින උන්ට ඇය උත්තමාවීයක්.. ලෞකික ආසාවන් පස්සෙ දුවන වෙසඟනන්ට ඇය කාලකණ්ණි වෙනවා….’

‘නින්දා අපහාස කරන සියලු දෙනා මට හන්දියක් හන්දියක් ගානේ මුණ ගැහෙන්නෙපා…. ඊයේ පෙරේදා මහන්සි වෙච්ච උන් හිතන් ඉන්නෙ උන්ගේ බුද්ධ සාසනේ කියලා…….’





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: