hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 ජනවාරි 16, පෙ.ව. 10:11



මේ කතාව හිතුවාටත් වඩා දුර දුවනවා..

ඔහුගේ මඟ යමින් මේ විතෘති කළ මේ පුද්ගලයා මෙතෙක් කළක් දේශන පවත්වමින් සිදුකළ සියල්ල ගැන දැන් ටික ටික කරුණු අනාවරණය වෙන්න පටන් අරගෙන..

“රෑට රෑට දේශනා තියෙනවා ඇහෙනවා, කොණ්ඩෙ බැඳලා බෝලෙ ගැට ගහපු කට්ටිය තමයි ගොඩක් ඒ දේශනවලට ආවේ… බුදු දහමට අපහාස කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයා තමයි මේ ඉන්නේ කියලා අපි දන්නේ සීඅයිඩී මහත්වරු අල්ලන්න එනවිටයි..” මේ ඒ දේශන පැවැත්වූ නිවස අසල අසල්වැසියන් කියන කතාවයි.. ඒ වගේම ඔවුන් වැඩිදුරටත් කිව්වේ මෙන්න මේ වගේ කතාවක්..

“ගිය දවස් ටිකේම ගේ ඇතුළේ ඉහළ මහලින් ඇතුළේ විවිධ ශබ්ද ආවා දේශන තියෙනවා වගේ , ගොරෝසු කටහඬක් තමයි වැඩියෙන් ඇහුනේ. ඒ එම පුද්ගලයාගේ තමයි මට හිතෙන්නේ. සැරටම කටහඬ ඇහෙනවා. සමහර දවස්වලට රෑ දොළහටත් වගේම අලුයම දෙක තුන වෙනකනුත් බෞද්ධාගම කතා කරනවා ඇහෙනවා. ඝෝෂාව වගේ. පැහැදිලිතාවයක් නෑ. මම හිතන්නේ මයික් දාලා වගේ කතා කරන්නේ.

පෙරේදා (14) සවසත් දේශන තිබ්බා. සංගණන නිලධාරීන් ඇවිල්ලා කතා කළත් එළියට ආවේ නෑ. පැයක් විතර දේශනාවට ගියා. පස්සේ ඔය ගේ ගත්ත ගෑනු එක්කෙනාගේ පුතෙක්ට කතා කරලා තමයි විස්තර ගත්තේ.

ඊයේ (15) දහවල් ත්‍රීවිල් එකක් ආවා ගේ ගාවට , පන්නිපිටියට යන්න ඕනේ කියලා තමයි ත්‍රීවිල් රියැදුරාට එම පුද්ගලයා කිව්වේ , ඒක මට හොඳින් ඇහුණා, මාස්ක් එකක් දාලා ජැකට් එකක් ඇඳලා තමයි ත්‍රීවිල් එකට නැග්ගේ. පස්සේ තමයි දැනගන්න හම්බ වුණේ සීඅයිඩී එකේ මහත්වරුන් එම පුද්ගලයාව පන්නිපිටියේදී අත්අඩංගුවට අරගෙන කියලා.

සැකකරු දේශනා පැවැත්වූ දෙමහල් නිවෙස කුලී පදනම මත කාන්තාවකට ලබා ගැනීමට මග පෑදු බ්‍රෝකර්වරයා මේ ගැන කිව්වේ මෙහෙම කතාවක්..

ඩොක්ටර් කෙනෙක්ට තමයි මේ ගේ අයිති.මම තමයි මේ ගේ බලා ගත්තේ.දන්නා අඳුරන ත්‍රීවිල් රියැදුරු මහත්තයෙක් කොටගෙදර ප්‍රදේශයේ මිස් කෙනෙක්ට තමයි ගේ අරගෙන දුන්නේ මාසිකව රුපියල් 40000කට කුලියට, එයාගේ අමෙරිකාවෙ ඉන්න දුව ළඟදි ලංකාවට එනවා කියලා, එහෙම කියලා තමයි ඩොක්ටර්ගෙන් එයා මේ ගේ අරගත්තේ. ඒ කාන්තාව ගෙදරට ආවේ පසුගිය මස 25 වෙනි දින. එයාගේ පුතෙක් ඉන්නවා කිව්වා භාවනා කරන. එයත් එක්කම තමයි ආවේ. ඒ ළමයා අවුරුදු විස්සක් විසිතුනක් පමණ ඇති නමුත් ඔය කියන පුද්ගලයා නම් නොවෙයි. මම ඊයේ (15) ඔය ගේ ඉස්සරහ ගෙදර තාප්පෙ තීන්ත ගගා ඉන්න කොට ත්‍රීවිල් එකක් ආවා. ඒකට නැග්ග පුද්ගලයා මේ අව් කාස්ටකේ ජැකට් එකක් සහ මාස්ක් එකක් දාලා හිටියේ. මට සැකයකුත් ආවා. ඒ වගේම හිතට අමුත්තකුත් දැනුනා. මම කොයිකටත් හවසට ගිහිල්ලා ඩොක්ටට කෝල් එකක් දෙන්නයි හිටියේ මේ ගැන කියලා.

මං හිතන්නේ මේ ගේ තෝරගන්නත් එක හේතුවක් තමයි මේ ගේ තියෙන්නේ නිවාස සංකීර්ණයක කෙළවරේ . කාගේවත් අවධානයක් නෑ ගේ ඇතුළට ආවට පස්සේ. මේ වගේ තක්කඩි වැඩ කරන්න , මේ. ගේ ගන්නම ඇත්තේ.”

කතාව කොහොම වුණත්, ඊජිප්තුවේ සිට පැමිණ අවලෝකිතේශ්වර බෝධි සත්වයන් වහන්සේ බවට හඳුන්වා ගනිමින් බුදුරජාණන් වහන්සේට භික්ෂූන් වහන්සේලාට හා බෞද්ධාගමට අපහාස වන විකෘති දේශනා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කොඩිතුවක්කු කංකානම්ගේ මහින්ද කොඩිතුවක්කු නමැති හැවිරිදි පුද්ගලයා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් සිදු කළ විමර්ශනවලින් අනතුරුව සැකකරු ඊයේ අත් අඩංගුවට ගත්තා.. ඒ පන්නිපිටිය ප්‍රදේශයේදීයි.. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: