2024 අප්‍රේල් 14, පෙ.ව. 12:10
ප්‍රසංග වේදිකාව ගීතයෙන් දෙවනක් කළ ඔහු දක්ෂ ගායකයෙක් වුණත් ඉදිරි ගමන සඳහා තෝරාගන්නේ chef කෙනෙක් වෙන්න ඕනි කියන මඟ.හරි රසට කෑම හදන මේ සුන්දර පුද්ගලයා වෙන කවුරුත් නෙවෙයි දොන් ශර්මන්.
ඉතින් ලංකාවේ බහුතරයක් දෙනා ඔහුව දන්නවා. ඒවගේම ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ කුකරි වැඩසටහනක් හරහාත් ඔහු ප්‍රේක්ෂකයන් හමුවට ආවා. හැබැයි ජනප්‍රියත්වය හිමි පෙත්තේම ඉන්න කාල සීමාවක ජනප්‍රියත්වය පැත්තකින් තියලා ඔහු විදෙස්ගත වුණා.මේ විදිහට දොන් විදෙස්ගත වුණේ ඕස්ට්‍රේලියාවට.ඔහුගේ සිය පවුලත් එක්කම තමයි ඔහු මේ ගමන ආරම්භ කළේ.
එහිදි චෙෆ් කෙනෙක් විදිහට ආහාර පිසීමේ කර්මාන්තයක් ඔහු ආරම්භ කරනවා.පසුගිය දවසක ඔහු ඉන්දියාව ව්‍යාපාරයක් පටන් ගත්තා කියලත් ආරංචි.2014 දී ඔස්ට්‍රේලියාවට ගියපු දොන් අද වෙද්දි සාර්ථක ජීවිතයක් ගත කරනවා. ඉතින් ඔහු ඔහුගේ ව්‍යාපාරය සහ ජීවිතය ගැන කියලා තිබ්බේ මේ වගේ කතාවක්.
“ඔව්. මෙහි නිෂ්පාදන කටයුතු වෙන්නේ ලංකාවේ. මේ ඉඳිආප්ප පිටි නෙමෙයි. සැකසු වියළි ඉඳිආප්පයි. පැකට් එකේ ඉඳිආප්ප 25ක් තියෙනවා. හතර දෙනෙකුට කන්න පුළුවන්. රසකාරක අඩංගු නැහැ. කල් තබාගන්න කිසිදෙයක් භාවිතා කරන්නේ නැහැ. නමුත් පැකට්ටුව විවෘත නොකර අවුරුදු එකහමාරක් කල් තබා ගන්න පුළුවන්. වියළි ඉඳිආප්ප උණු වතුරට දාලා විනාඩි දෙකකින් විතර සාමාන්‍ය ඉඳිආප්ප විදිහට කන්න පුළුවන්. ලංකාවෙදි නිෂ්පාදනය කරලා මෙහෙට ගෙනත් අලෙවි කරන්න පටන් ගත්තා. විශේෂයෙන්ම කියන්න අපි සාමාන්‍යයෙන් ඉඳිආප්ප අතින් මිරිකලා නෙමෙයි හදන්නෙ. සියල්ල යන්ත්‍රානුසාරයෙන් කරන්නේ. සෞඛ්‍ය ආරක්ෂිතයි. මෙහි ෆ්ලේවස් 10ක් තියෙනවා. සාමාන්‍යයෙන් තියෙන්නේ සුදු, රතු ඉඳිආප්ප විතරයි නේ. මේ නිෂ්පාදනය වට්ටක්කා, වැල්පෙෙනල, සුවඳැල්, මස්බැද්ද වගේ සෞඛ්‍ය සම්පන්න රසවලින් යුක්තයි.”
2025 මාර්තු 23, පෙ.ව. 12:06
2025 මාර්තු 23, පෙ.ව. 12:04
2025 මාර්තු 23, පෙ.ව. 12:03
2025 මාර්තු 23, පෙ.ව. 12:02
2025 මාර්තු 22, පෙ.ව. 12:26
23-03-25
23-03-25
23-03-25
23-03-25
23-03-25
23-03-25
23-03-25
23-03-25
23-03-25
23-03-25
22-03-25
22-03-25
22-03-25
22-03-25
22-03-25
22-03-25
21-03-25
21-03-25
21-03-25
21-03-25
21-03-25
21-03-25
21-03-25
21-03-25