hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2024 අප්‍රේල් 21, ප.ව. 2:46



“Kitchen Show” නම ඔබට දැන් හුරුපුරුදු වග ඒෂියන් මිරර් අපිට විශ්වාසයි.

අපේ අලුත් වැඩේ ගැන මේ වෙනකොට ඒෂියන් මිරර් ප්‍රේක්ෂකයන් දැනුවත්.

ඒ ගැන අපිට තියෙන්නේ නිහතමානී ආඩම්බරයක් කිව්වොත් හරියටම හරි.

ඉතින් පසුගිය සතියේ අපි එක්ක ශ්‍රී ලාංකික යොවුන් ගායන ශිල්පී සහ සංගීත නිර්මාණ ශිල්පී රවී රොයිස්ටර් එකතු වුණා ඔබට මතක ඇති.

මේ සතියේ අපි “Kitchen Show” වැඩසටහනට ඔබ ගොඩක් ආදරය කරන දක්ෂ රංගන ශිල්පිනියක් ගෙන ඒමට තීරණය කළා.

ඇය නමින් දුලක්ෂි රාජපක්ෂ.

හිත ළඟ හිනැහුණා , රාජිණි, සිදාදියේ සමනලියෝ යන නාට්‍ය හරහා ඇය උපරිම ප්‍රේක්ෂක ආදරයක් දිනා ගත්ත චරිතයක් කිව්වොත් හරියටම හරි.

කුරුණෑගල ශුද්ධ වූ පවුලේ බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ දුලක්ෂි බොහෝ ක්ෂේත්‍රයන්හි නියැලී සිටින කෙනෙක්.

“Kitchen Show” වැඩසටහනේදී ඇය ආදරය ගැන අදහස් පළ කරමින් සඳහන් කළේ ඇයට පාසල් ප්‍රේමයක් තිබුණු බවත් මීට වසර එක හමාරකට පමණ පෙර කෙනෙක් ගැන අදහසක් තිබු බවයි.

ඇය විවාහය සඳහා තෝරා ගන්න බලාපොරොත්තු වෙන පුද්ගලයාගේ ගතිගුණ හොඳ විය යුතු බවත් තේරුම් ගැනීම තිබිය යුතු බවත් කියා සිටියා.

දුලක්ෂි රාජපක්ෂ සහභාගී වූ “Kitchen Show” සම්පුර්ණ වැඩසටහන පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: