hit counter

2024 මැයි මස 15 වන බදාදා

2022 ජූලි 07, ප.ව. 12:19



ඇත් දළ පහර වැදී බරපතල තුවාල ලබා මරණාසන්නව සිටි ඇතෙකුගේ දළ කපාගෙන ගොස් ඇති බව අනුරාධපුර වන ජීවී පශු වෛද්‍ය නිළධාරි චන්දන ජයසිංහ මහතා පවසා සිටියා.

පෙරේදා (05) කැබිතොගොල්ලෑව තිත්තගෝනෑව මොරඔය අසළ කුඹුරු යායකදී සිදු කර ඇතැයි පශු වෛද්‍යවරයා පැවසුවා.

කැබිතිගොල්ලෑව නබඩවැව අසල වනයකදී  තවත් ඇතකු සමග ඇතිවූ ද්වන්ධ සටකින් පසු මෙම ඇතා බරපතල තුවාල ලබා ඊරිපිනිවැව වතුර අද්දරට පැමිණ පන අදිමින් සිටියදි වනජීවි නිලධාරීන් මෙම ඇතාට ප්‍රතිකාර කිරීම අරඹා තිබෙනවා.

සති තුනකට ආසන්න කාලයක් එම නිලධාරීන් ඇතාට නොකඩවා ප්‍රතිකාර කිරීම සිදු කළ බව වෛද්‍ය චන්දන ජයසිංහ මහතා පවසයි. 

ඇත් පොරයෙන් පැරදී මරණ මංචකයේ සිටි මෙම ඇතා දැඩි වේදනාවෙන් සිටියදී මෙම සාහසික ක්‍රියාව සිදු කර ඇතැයිද වෛද්‍ය ජයසිංහ මහතා වැඩිදුරටත් පවසා සිටියා.