hit counter

2024 මැයි මස 19 වන ඉරිදා

2024 මැයි 07, පෙ.ව. 12:02



චීනයේ ප්‍රසිද්ධ අපේ රටේ මල් කොල්ලෙක් ගැන වීඩි­යෝ­වක් මේ දින­වල සමාජ මාධ්‍ය ඔස්සේ නිර­න්ත­ර­යෙන් සංස­ර­ණය වෙමින් පවතිනවා.

ස්වෝත්සා­හ­යෙන් සිය ජීවන ගමන ගෙන­යන මේ ශ්‍රී ලාංකික තරු­ණ­යාගේ වීඩි­යෝව නැර­ඹුම් වාර කෝටි 13ක් ඉක්මවා තිබීම විශේ­ෂ­ත්ව­යක්.

චීනයේ සමාජ මාධ්‍ය තුළ ඉතා වේග­යෙන් සංස­ර­ණය වූ අතේ මල් පොකු­රක් තබා­ගෙන සංචා­ර­ක­යන්ට පෙන්ව­මින් පාර දෙප­සට සින­හා­මු­සුව කුලු­ප­ගව දිව යන මේ තරු­ණයා කොත්මලේ ප්‍රදේ­ශයේ ජීවත් වන දිලිප් මධු­ශං­කයි.

මේ තරු­ණයා සිය පවු­ලම ගොඩ දැමී­මට මෙලෙස මල් අලෙවි කර­මින් අව්‍යාජ සින­හ­වෙන් යුතුව කෘත­වේ­දීව සංචා­ර­ක­යන් සමඟ කට­යුතු කිරීම හේතු­වෙන් මෙලෙස ජන­ප්‍රි­ය­ත්ව­යට පත්ව තිබේ.

මොහු කැලේට ගොස් මල් කඩා ගෙනැ­විත් එයින් පොකුරු සාදා සංචා­ර­ක­යන්ට අලෙවි කරයි. මෙය ඉතා සුළු දෙයක් බව හැඟු­ණත් ඔහු දරන උත්සා­හය ඉතාම කර්ක­ශය.

මෙලෙස සාදා ගත් මල් පොකුර විදේ­ශි­ක­යන් පසු­පස දිව­ගොස් විකු­ණයි. දිලීප් කිලෝ මීටර් 4ක් 5ක් පමණ මෙලෙස විදේ­ශි­ක­යන් ගමන් ගන්නා වාහන පසු­පස ලුහු­බ­ඳියි. එය දකින විදේ­ශි­ක­යන් වාහන නවතා මොහු­ගෙන් මල් මිලදී ගනී.

දිලිප් අවු­රුදු 17ක නව යොවුන් වියේ පසු­වන තරු­ණ­යෙකි. මේ වන විට ඔහු චීනයේ කොත­රම් ජන­ප්‍රිය ද කිව­හොත් චීනයේ කුඩා දරු­වන් පවා ඔහු මල් විකු­ණන ආකා­රය චිත්‍ර­යට නඟා තිබේ.

“එයා හරි කෙට්ටුයි. ඒත් ජීවි­ත­යට ආද­රය කර ගොඩක් වෙහෙස මහ­න්සිවී වැඩ කරන ඔහු ඇත්ත­ටම කඩ­ව­සම්. ඇත්ත­ටම ලංකා­වට ගියොත් මමයි මගේ යහ­ළු­වයි එයාගේ මල්ව­ලට කැමැති වේවි. එයාව හඳු­නා­ගන්න ආසයි.” යනු­වෙන් ඔහුගේ වීඩි­යෝ­වට චීනයේ තරු­ණි­යක් අද­හ­සක් එක් කර තිබේ.

එත­රම්ම ඔහු ජන හද­ව­ත්ව­ලට සමී­පවී ඇති අතර, එයින් මෙර­ටට සංචා­රක ආක­ර්ෂ­ණය ගෙන ඒමට ද සමත්ව තිබීම අගය කළ යුත්තකි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: