hit counter

2024 මැයි මස 20 වන සඳුදා

2024 අප්‍රේල් 30, පෙ.ව. 12:06



මේ දවස්වල විකාශය වන මන්දාරම් කතාවේ ටෙලි නිර්මාණය හරහා කරළියට ආපු මේ සුන්දර කලාකරුවා කොයි කවුරුත් ආදරේ කරන ආදරණීය රංගන ශිල්පී ගයාන් වික්‍රමතිලකයි.ක්ෂේත්‍රය පුරාවටම විවිධ අභියෝග සහ හැල හැප්පීම් එක්ක ඉදිරියට ආපු ඔහු අද වෙද්දී තමන්ගේම කියල අනන්‍යතාවයක් ගොඩනගාගෙන.

වීරයාගේ චරිත වගේම පෙම්වතාගේ චරිතත් අදටත් ගයන්නට ගැලපෙනවා. ඒ වගේම තමයි ගයාන්ගේ පෞද්ගලික ජීවිතේ ගත්තහම ඔහු බොහොම සතුටින් ජීවිතය ගත කරන කෙනෙක්.කවුරුත් දන්න විදිහට ගයාන් විවාහ වුණේ ක්ෂේත්‍රයේ තවත් දක්ෂ කලාකාරිනියක් වෙච්ච චතුරිකා පීරිස් එක්ක.

කලා කටයුතුවල රංගනයෙන් දායක වන කාල සීමාවකදී තමයි ඔවුන් දෙදෙනා දැන හඳුනගන්නේ. ඉතින් මේ ආදරේට දැන් අවුරුදු දොළහකටත් වඩා වැඩියි.ඒවගේ මේ ආදරේ ප්‍රතිඵලයක් විදිහට ඔවුන් දෙදෙනාටම ආදරණීය දියණියක් ඉන්නවා. ඇය තමයි ආරාධ්‍යා.ඒ සියලු දේවල් එක්ක ජීවිතේ විඳින ගයාන් ඒ ජීවිතය ගැන කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“අපි සතුටින් ජීවත් වෙනවා. මගේ ජීවිතේ ගත්ත හොඳම තීරණය තමයි එයා මගේ බිරිය කරගැනීම. කිසිම වෙලාවක මාව සැක කරන්නෙ නෑ. අනවශ්‍ය විදිහට කිසිම දෙයක් පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. කවදාවත් මගේ ෆෝන් චෙක් කරන්නෙ නෑ. මට උපරිම නිදහස දීල තියෙනවා. හැම දෙයක්ම හොයල බලල කරන්නෙ එයා. එයා මට වගකීමක් ලොකුවට දැනෙන්න දෙන්නෙම නෑ. ඊට එහා තව මොනවද ඕන. එයා මට වාසනාවක්. දෝණිත් වෙලාවකට අම්ම කෙනෙක් වගේ. චතුරිකාගෙ අඩි පාරෙමයි යන්නෙ. එයාට දැන් අවුරුදු පහයි. ගොඩක් වෙලාවට ගෙදර ඉවුම් පිහුම් කරන්නෙ මං නිසා එයාට බඩගිනි වුණහම අප්පච්චි කියාගෙන මගේ ළඟට තමයි එන්නෙ. වෙන රංගන ශිල්පිනියන් එක්ක මම ඉන්නවට නම් එයා කැමැතිම නෑ. මායි චතුරිකයි දෙන්නම ඉන්න තැනක එයා නෑ කියල දුක් වෙනවා. ඒ නිසා පුළුවන් වෙලාවලට එයත් එක්ක යනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: