hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 04, පෙ.ව. 12:09



අපේ රටේ ඉතා ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් වගේම ආදරණීය නිවේදන ශිල්පිනියක් හැටියට ගයාත්‍රි ඩයස් අප හමුවට එනවා.

ඉතින් ඒ වගේම විටෙක බිරිදක් වගේම දෙදරු මවක් වන ඇය හරි අපූරු සුන්දර රූ සපුවකට හිමිකම් කියනවා.

එදා වගේම අදටත් එක වගේම ලස්සන නිලියක් විදිහට තමයි බොහෝ දෙනෙක් ඇයව හඳුන්වන්නේ.

ඒ වගේම තමයි ඇය ගැන එක එක කාලෙට විවිධාකාරයේ පුවත් අහන්ට දකින්නට ලැබෙනවා.

ජීවිතේ බොහෝමයක් තැන්වල නැවතුණා හා සමානව අසීරුම තැනකදී ජීවිතේ ගැන අමාරු තීන්දුවක් ගන්න ගයත්‍රි තීන්දු කරනවා.

ඒ ඇගෙත් චන්නගෙත් දික්කසාදය.

ඉන් එහා ගයත්‍රිත් චන්නත් ඒ කෝන්තර ගැන ප්‍රසිද්ධියේ නොකියා ඉන්නත් වග බලාගත්තා.

රසිකයින් අත ප්‍රශ්නෝත්තර බොහෝමයක් තිබුණා වුණත් ඒ සුහදතාවයෙන් වෙන්වීම ප්‍රශ්නයක් කරගන්න එපා කියලත් ඔවුන් ඉල්ලීමක් කරලා තිබුණා.

ඒ අතරතුර දී චන්න-ගයත්‍රි යුවළගේ දියණියන් දෙදෙනාගේ විශේෂ අවස්ථාවලත් ඔවුන් දෙදෙනා එකට ඉන්නවා දකින්න ලැබුණා.

ගොඩක් වෙලාවට අපි හිතපුවත් නැති තත්පරයක අපේ ජීවිතය වෙනස් වෙන්න පුළුවන්.

කොහොම වුණත් මේ විදිහට වෙනස් වෙන ජීවිත කියන්නේ සමහර වෙලාවට ප්‍රාතිහාර්‍යක් කියලා හිතුවත් , නෑ.. ඒ මින් මිනිස්සුන්ගේ මහන්සිය.

මෙන්න බලන්නකෝ ගයත්‍රී ඒ ගැන කියන කතාව..

“ජීවිතය ඔබට ඕනෑම වේලාවක වෙනස් කළ හැකි බවත්, නැවත නැවත භාවිතා කරන ප්‍රතිපත්ති රටාවක් ඔබේ ජීවිතය මෙහෙයවනවා පමණක් නොව එය ස්ථිරවම වෙනස් කරන බවත් ඔබ පිළිගත යුතුය…”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: