hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 මාර්තු 03, පෙ.ව. 12:02



අපේ රටේ ඉතා ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් වගේම ආදරණීය නිවේදන ශිල්පිනියක් හැටියට ගයාත්‍රි ඩයස් අප හමුවට එනවා.

ඉතින් ඒ වගේම විටෙක බිරිදක් වගේම දෙදරු මවක් වන ඇය හරි අපූරු සුන්දර රූ සපුවකට හිමිකම් කියනවා.

එදා වගේම අදටත් එක වගේම ලස්සන නිලියක් විදිහට තමයි බොහෝ දෙනෙක් ඇයව හඳුන්වන්නේ.

ඒ වගේම තමයි ඇය ගැන එක එක කාලෙට විවිධාකාරයේ පුවත් අහන්ට දකින්නට ලැබෙනවා.

මේ කියන්න යන්නේ ගයාත්‍රිව බලන්න ආව අමුත්තෙක් ගැන.

එයා සුරතල් සුනඛයෙක්.

නම තමයි සන්තෝ.

මේ එයා ගැන ගයාත්‍රි තබා තිබූ සටහන.

අද සන්තෝ මාව බලන්න ආවා. ඇත්තටම වෙන්න ඕන එක නෙමෙයි සහා වෙන්න තිබ්බ එක නෙමෙයි.

මමයි සන්තෝ බලන්න යන්න ඕනේ.

ඒත් පබා සන්තෝ එක්ක කොළඹ Dr ළඟට යන නිසා ඒ ළඟ එයා ටික දවසක් නතර වෙලා හිටිය නිසා මම එන්න කිවිවා.

පබා හරිම කරුණාවන්ත කෙනෙක් හරිම ලස්සන යුවතියක් ඉතින් ඇය සන්තෝ මා ළඟට එක්කන් ආවා.

ඉතින් මං ගොඩාක් සතුටු වුණා කියලා මට මේකට කියන්න බෑ මට ගොඩාක් දුකයි පබා ගැනත්.

සන්තෝ වාසනාවන්තයි පබා වගේ කෙනෙක් ලැබිලා ඉන්නවා.

නමුත් අපි සන්තෝට ගොඩාක් දේ අවශ්‍ය කරන වෙලාවක ලොකු අදායමි මාර්ගයක් නැති පබා සන්තෝව බලාගන්නවා.

ඉතින් අපිට පුළුවන් විදියට ඇයට උදව් කරමු සන්තෝ බලාගන්න.

ඉතින් අපි ඒයාට අවශ්‍ය වෙලාවේදී කාට් එකක් හදලා දෙමු.

ඒ වගේම පබා කිව්වා අයට කාට් එකක් අවශ්‍යයි කියලා සන්තෝ තියාගන්න.

එක අපි හොයලා දෙමු.

අපි සන්තොට යහපත් අනාගතයක් ප්‍රාර්ථනා කරමු.

මේ වගේම සන්තොට අනාගතයක් දෙන්න උත්සාහ කරන පබාටත් ආදරණීය අනාගතයක් ලැබෙන්න ඇයට ජීවිතය සාර්ථක කරගන්න ඇගේ හැම බලාපොරොත්තුවක් ඉටුවෙන්න කියලත් අපි ප්‍රාර්ථනා කරමු….





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: