2023 සැප්‍තැම්‍බර් 12, පෙ.ව. 12:02
අළුත්ගම පොලිස් වසමට අයත් කාලවිල ප්‍රදේශයේ විවාහය ලියාපදිංචි කල තරුණයුවළලක් නිවසේ සාදයක් පවත්වා අනතුරුව රාත්‍රී ඔවුනගේ කාමරයේ නිදා ගැනීමට ගොස් තිබෙනවා.
ඒ අතර එම සාදයට සහභාගී වි සිටි 18 හැවිරිදි තරුණයෙකු රහසිගතව එම කාමරයේම නව යුවළගේ ඇඳ යට සැඟවී සිට දෙදෙනා තද නින්දේ පසුවෙද්දී එම කාන්තාවට ලිංගික හිංසනයක් සිදුකර පලා ගොස් සිටි බව කියන සිද්ධියක් සම්බන්ධයෙන්අලූත්ගම පොලිසිය එම සැකකාර තරුණයා අත්අඩංගුවට ගත් බව කියයි.
සැකකරු එදින විවාහ ගිවිස ගත් පුද්ගලයාගේ හොඳම මිතුරාගේ මාර්ගයෙන් මෙම සාදයට එක්ව සිට වේලාසනින්ම අසල මිතුරාගේ නිවසට යන මුවාවෙන් නව යුවල නිදන කාමරයට කාටත් හොර රහසේ ඇතුළු වී නව යුවල නිදන ඇඳ යට පැය කීපයක් තිස්සේ සැඟව සිට ඇත.
තරුණයා තද නින්දට පසු වූ අතරේ සිද්ධිය වූ දින අලුයම අලුත විවාහයට ඇතුළත් වූ තැනැත්තියට ඇගේ ස්වාමියා ලෙස හැඟෙන අයුරින් ලිංගික හිංසනයක් සිදුකර තිබෙන බව පොලීසිය අනාවරණය කරගෙන තිබෙනවා.
සැකකරු 18 හැවිරිදි ගම්පොළ ප්‍රදේශයේ අයෙකු බවත් විවාහයට ඇතුළු වූ පුද්ගලයාගේ මිතුරකු මාර්ගයෙන් එම නිවසේ පැවති සතුටු සාදයට ද රාත්‍රී කාලයේ පැය කිහිපයක්එක්ව සිට අලුයම් කාලයේ නින්දේ පසු වූ එම තරුණියට මෙම ලිංගික හිංසනය සිදු කරතිබෙන බව පොලිසිය කියයි.
එම අවස්ථාවේ තද නින්දේ සිට අවදි වූ කලබලයට පත් තරුණිය කෑගසා තිබෙන අතර විවාහක ස්වාමියා ඇතුළු නිවසේ සෙස්සන් අවදි වී මෙන් පසු පසුදින පොලිසියට කළ පැමිණිල්ලක් අනුව සැඟව සිටි සැකකරු අත්අඩංගුවට ගෙන කළුතර අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බව කියයි.
2026 ජනවාරි 09, පෙ.ව. 12:15
2026 ජනවාරි 09, පෙ.ව. 12:03
2026 ජනවාරි 08, පෙ.ව. 12:13
2026 ජනවාරි 08, පෙ.ව. 12:10
2026 ජනවාරි 07, පෙ.ව. 12:22