hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 12:00



අපුරු අක්ක නගෝ දෙදෙනකුගේ අප්‍රසන්න කතාවක් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ දී අසන්නට ලැබුණි. අක්කාගේ වයස අවුරුදු විස්සක් වන අතර නංගිගේ වයස අවුරුදු පහළොවකි.

නංගි තරමක් හිතුවක්කාරය. ළමා නිවාසයක නතරවීමට ද ඇය ආසා කළාය.

ඒ නිසාම මෙයට වසර එකහමාරකට පමණ පෙර ඇය ළමා නිවාසගත වූවා.

ඒ වනවිට ඇය ගමේ පදිංචි 27 හැවිරිදි දෙදරු පියකු සමග ප්‍රේම සම්බන්ධයක් ද පටන්ගෙන තිබුණා.

ඇය ටික කලකට පසු නැවත පාසල් යාමට අවශ්‍ය බව පවසා ළමා නිවාසයේ සිට නිවෙසට ආවා.

ටික දිනක් නිවෙසේ සිටියත් ඇය පාසල් නොගිය අතර හිතුවක්කාරකමේ අඩුවක් ද නොවීය.

මේ නිසා ඇය යළිත් ළමා නිවාසයේ නතර කිරීම සඳහා අම්මා ඇය සමග ගාල්ල කොටුවේ පරිවාස කාර්යාලයට ආවත් එදා පරිවාස නිලධාරින් සිටියේ නැත.

ඒනිසා අම්මා දුවත් සමග ගමේ යාමට ගාල්ල බස් නැවතුම්පොළට ආවා.

බස් නැවතුම්පොළේ දී අම්මා බලාපොරොත්තු නොවූ ලෙස දුව අතුරුදන් වූවා.

අවසානයේ අම්මා පැමිණ ගමේ පොලිසියේ පැමිණිල්ලක් දැම්මා.

ඒ වනවිටත් දුව පැරණි පෙම්වතා සමග නිවෙසකට ගොස් මධුසමය ගතකරන බව අම්මා දැන සිටියේ නැත.

ටික දිනකට පසු දෙදෙනා සහෝදරයකුගේ නිවෙසට පැමිණි අතර පැමිණිල්ල හේතුවෙන් පොලිසියට ගොස් නැවත ගෙදර යමින් සිටිය දී සිදුවූයේ බලාපොරොත්තු නොවූ දෙයකි.

නංගිගේ පෙම්වතා සමග අක්කා නිවෙසින් පැන ගොස්ය.

ඒ වනවිට ඔහුගේ බිරියත් ඔහු හැර ගොස් තිබුණා.

එසේ පැන ගොස් මෙයට මාස එකහමාරකට පෙර අක්කා නිවෙසට පැමිණියා.

නංගි සමග පවත්වන සම්බන්ධය ඔහු අතහැර තිබුණේ ද නැත. එය දැනගත් අක්කා නංගිට අපූරු උපදෙසක් දුන්නා. ”නංගි ඔයාට අවුරුදු දහඅට සම්පූර්ණ වුණාම මෙයා කසාඳ බැඳ ගන්න. එතකන් මම එයත් එක්ක ඉන්නවා.”

තවත් වැඩි දවසක් එසේ ඉන්නට ලැබුණේ නැත.

බාල වයස්කාර දැරියක් නීත්‍යනුකුල බාරකාරත්වයෙන් අපහරණය කිරීම සහ ස්ත්‍රී දූෂණය කිරීම යටතේ අක්ක නගෝ දෙදෙනාගේම පෙම්වතා පොලිස් අත්අඩංගුවට පත් වුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: