hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 29, පෙ.ව. 12:03



අපුරු අක්ක නගෝ දෙදෙනෙකුගේ අප්‍රසන්න කතාවක් වාර්තාවන්නේ ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයෙන්.

අක්කාගේ වයස අවුරුදු විස්සක් වන අතර නංගිගේ වයස අවුරුදු පහළොවක් වෙනවා.

නංගි තරමක් හිතුවක්කාර වූ අතර ඇය ළමා නිවාසයක නතරවීමටද ආසා කළා.

ඒ නිසාම මීට වසර එකහමාරකට පමණ පෙර ඇය ළමා නිවාසයකට ගියා.

ඒ වනවිට ඇය ගමේ පදිංචි 27 හැවිරිදි දෙදරු පියෙකු සමඟ පෙම් සම්බන්ධයක්ද අරඹා තිබුණා.

ඇය ටික කලකට පසු නැවත පාසල් යාමට අවශ්‍ය බව පවසා ළමා නිවාසයේ සිට නිවසට ආ අතර ටික දිනක් නිවසේ සිටියත් ඇය පාසල් නොගියාය. ඇගේ හිතුවක්කාරකමේද අඩුවක් නොවීය.

මේනිසා ඇය යළිත් ළමා නිවාසයේ නතර කිරීමට අම්මා ඇය සමග ගාල්ල කොටුවේ පරිවාස කාර්යාලයට ආවත් එදා පරිවාස නිලධාරින් නොසිටි බැවින් අම්මා දුවත් සමඟ ගමේ යාමට ගාල්ල බස් නැවතුම්පොළට ආවා.

බස් නැවතුම්පොළේ දී අම්මා බලාපොරොත්තු නොවූ ලෙස දුව අතුරුදන් වූවාය. අවසානයේ අම්මා පැමිණ ගමේ පොලිසියේ පැමිණිල්ලක් දැමීමට කටයුතු කළා.

ඒ වනවිටත් දුව පැරණි පෙම්වතා සමඟ නිවසකට ගොස් මධුසමය ගතකරන බව අම්මා දැන සිටියේ නැත.

ටික දිනකට පසු දෙදෙනා සහෝදරයෙකුගේ නිවෙසට පැමිණි අතර පැමිණිල්ල හේතුවෙන් පොලිසියට ගොස් නැවත ගෙදර යමින් සිටියදී සිදුවූයේ බලාපොරොත්තු නොවූ දෙයකි. නංගිගේ පෙම්වතා සමඟ අක්කා නිවෙසින් පැන ගොසිනි.

ඒ වනවිට ඔහුගේ බිරියත් ඔහු හැර ගොස් තිබුණා.

එසේ පැන ගොස් මීට මාස එකහමාරකට පෙර අක්කා නිවෙසට පැමිණියාය. නංගි සමඟ පවත්වන සම්බන්ධය ඔහු අතහැර තිබුණේද නැත.

එය දැනගත් අක්කා නංගිට අපූරු උපදෙසක් දුන්නාය. ”නංගි ඔයාට අවුරුදු දහඅට සම්පූර්ණ වුණාම මෙයාව කසාඳ බැඳ ගන්න. එතකන් මම එයත් එක්ක ඉන්නවා.”

වැඩි දවසක් එසේ ඉන්නට ලැබුණේ නැත. බාල වයස්කාර දැරියක් නීත්‍යනුකුල බාරකාරත්වයෙන් අපහරණය කිරීම සහ ස්ත්‍රී දූෂණය කිරීම යටතේ අක්ක නගෝ දෙදෙනාගේම පෙම්වතා පොලිස් අත්අඩංගුවට ගත්විය.

ගාල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ මහත්ම මහත්මිහු සැකකරු අධිකරණයට ඉදිරිපත් කළා.

කරුණු සැලකිල්ලට ගත් අතිරේක මහේස්ත්‍රාත්වරිය අක්ක නගෝ දෙදෙනාගේම පෙම්වතා 27වනදින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමටත් නංගි ළමා නිවාසයේ රඳවා තැබීමටත් නියෝග කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: