hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 30, පෙ.ව. 12:05



ආදරේ කියන්නෙ මොකද්ද කියලා අහන ප්‍රශ්නයට ඕනෑම කෙනෙකුට ඕනෑම විදිහේ උත්තරයක් දෙන්න පුළුවන්.

ඒක එහෙම වුණත්” ආදරයේ නාමයෙන් ජීවිත මහ පොළවට මිහිදන් වෙන එක අපිට අලු‍ත් කතන්දරයක් නෙවෙයි.

මින් එහාත් ඒ විදිහේ කතන්දර දෙක” තුන”’ එක්කෝ හතර”’ පහ”’ මේ ලැයිස්තුවට එකතු වෙයි.

මේ තියෙන්නෙත් ඒ විදිහේ කතාවක්.

ආදර කතා දෙකකට මැදිවෙලා” අවසන් ගමන් යන්න හිත හදාගෙන” ජීවිතය තොර කරගත්ත තරුණියකගේ කතාවක්.

මේ මාධ්‍යයට නොගිය ඇය විසින් ලියූ අවසන් ලිපිය යි.

”‍ආදරේ කරන එක වැරද්දක් නෙවෙයි’ ඒත් මම දෙන්නෙක්ට එකම වගේ ආදරේ කරපු එකයි වැරැද්ද’ ඒක තේරුම් ගන්නකොට මම පරක්කු වැඩියි’ ප්‍රියාන් අයියේ” ශාන් අයියේ” ඔයාලා දෙන්නටම මම බොරුවක් කළා නෙවෙයි’ ඒත් ඇත්තටම ශාන් අයියා මට කම්මුලට ගහලා ලැජ්ජ කරද්දි මට මං ගැනම දුක හිතුණා’ සත්තයි තරහාක් නෙවෙයි’ දුකක්”’ මොකද මම හිතලා කාටවත් වරදක් කළේ නෑ’ කවුරුහරි කියයි මම වල් කෙල්ලෙක් කියලා’ වටේ යන එකියක් කියලා” ඒත් ඇත්ත ඒක නෙවෙයි””‍

”‍ශාන් අයියා මාව හොයාගෙන එද්දි ප්‍රියාන් අයියට මම හිත දීලා තිබුණේ’ දන්නවද ශාන් අයියේ”’ ඔයා ඉස්සර හැමදාම මට දුක කියනවා’ ඔයාගේ පැරදිච්ච ආදරේ ගැන’ ඔයාට ඕනි වුණා මගේ උරහිස” ඉතින් මම දුන්නා’ ඒක වැරදියි කියලා මට හිතුණේ නෑ’ ඔයා ආදරෙයි කියද්දි මම අහගෙන හිටියා’ උත්තර දුන් නෑ’ මොකද ඒ වෙනකොටත් අන්ත දුක් විඳපු ඔයාගේ හිතට දුකක් දෙන්න හිත දුන් නැති නිසා’ මම අහගෙන හිටියා ඔයාව’ තුරුලු‍ වෙද්දි තුරුලු‍ කරගත්තා’ රූම් යමු කිව්වම රූම් ආවා’ හැමදේම එතනින් ඉවර වුණා””‍

”‍ප්‍රියාන් අයියා මේ කිසිම දෙයක් දැනන් හිටියේ නෑ’ මම කොහොමද එයාට කියන්නෙ’ එයාගේ කෙල්ල ගැන එයා කොහොම හිතයිද? මම කොල්ලො දෙන්නෙක් එක්කම මාරුවෙන් මාරුවට නිදා වැටුණු කෙල්ලෙක්’ ඒක නරකයි හිතනවට වඩා මං නිසා ඔයාලා සතුටින් ඉන්න එකයි මට වැදගත් වුණේ’ මම මාව නිවැරදි කරන්න හදනවා නෙවෙයි’ හැම අතින්ම වරදකාරී මම””‍

”‍ඔය දෙන්නගේ ජීවිතේ විනාශ කරන්න හීනෙකින්වත් හිතුවේ නෑ’ ඊයේ මුලු‍ රෑම මම බියර් බිව්වේ ඒ හැමදේම අමතක කරලා දාන්න’ ඒත් අමතක වෙනවා වෙනුවට විටින් විට ඔයාලව මතක් වුණා’ ශාන් අයියා මාව බ්ලෝක් කරලා” මගේ නෙකඩ් ෆොටෝ එකක් වට්ස්ඇප් ගෲප් එහේකට දාලා තිබුණා” පට්ට බඩුවක් මචං කියලා’ අනේ මම තරහා නෑ අයියේ’ හැබැයි ඔයාට ආදරේ කළේ ඇත්තටමයි මම’ කියන්න හිතේ බර තිබුණු නිසා මිසක් ඔයාව අත් අරින්න ලෝබ හිතුණා””‍

”‍ප්‍රියාන් අයියේ” ඔයා මට අවුරුදු තුනක් තිස්සේ දීපූ හැම තෑග්ගක්ම මෙතන තියනවා’ මට දහස් වාරයක් සමාවෙන්න’ මගේ අම්මට තාත්තාට දුක හිතෙයි’ ඒත් වැඩි කාලෙකට කියලා මම හිතන් නෑ’ මං වෙනුවට මගේ නංගි ඉන්නවා එයාලට” මේක කියවද්දි මම ජීවතුන් අතර නැතිවෙයි””‍

”‍ඉතින් සතුටින් ඉන්න හැමදාම ! අන්තිමට කියන්නෙත් ඔය දෙන්නටම මම ආදරේ කළා”’ සත්තයි ගෝඩ් ප්‍රොමිස්””‍





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: