hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 02, පෙ.ව. 12:03



රාත්‍රි කාලයේදී සිය දා හතර හැවිරිදි  පෙම්වතියගේ නිවෙසට හොර රහසේ ඇතුළු වී අවස්ථා කිහිපයකදීම ඇයව අපයෝජනයට ලක් කළ තරුණයෙකු පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය පවසනවා.

එම දැරියගේ මව සහ පියා විරසකව වෙන් වෙන්ව ජීවත්වන  අතර දැරිය ඇයගේ සහෝදරයාගේ බිරිය (නෑනා) සමඟ එම නිවසේ වාසය කරනවා.

මෙම  පෙම්වතා අවස්ථා කිහිපයකදීම දැරියගේ නෑනාට හොරෙන් රාත්‍රියේදී මෙලෙස නිවෙසට ඇතුළු වී එම දැරිය සමඟ කාලය ගත කොට නෑනා අවදිවීමට පෙර අලුයම් කාලයේ නිවෙසින් පිටව ගොස් තිබෙනවා.

එහෙත් එදින සැකකරුට නිවෙස තුළ නින්ද යෑම නිසා නෑනා අවදිවීමට පෙර නිවෙසින් පිටව යෑමට නොහැකි වී ඇති අතර එම හේතුවෙන් සිද්ධිය අනාවරණය වීමත් සමග කොටදෙණියාව පොලිසිය මඟින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දෙමව්පියන් සහ වැඩිහිටියන් සිය දරුවන් ගැන වඩා අවධානයෙන් පසුවිය යුතු බවයි එම සිදුවීම ගැන අදහස් දක්වන බොහෝ දෙනා අවධාරණය කර සිටින්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: